ජාතික ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව බලය පිහිට වූ ගාල්ල මහ නගර සභාවේ අයවැය අද (15) පරාජයට පත් වුණා.
මන්ත්‍රී ආසන 36ක් ඇති ගාල්ල මහ නගර සභාවේ අයවැය පරාජයට පත් වුණේ වැඩි ඡන්ද දෙකකින්.
මෙහිදී අයවැයට පක්ෂව ඡන්ද 17ක් හිමි වූ අතර, විපක්ෂව ඡන්ද 19ක් හිමිවුණා.
ජාතික ජන බලවේගයේ මන්ත්‍රිවරුන් 17 දෙනා මෙහිදී අයවැයට පක්ෂව ඡන්දය භාවිත කළ අතර, සභාවේ බලය පිහිටුවීමට සහාය වූ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනා අයවැයට විරුද්ධව ඡන්දය භාවිත කිරීම විශේෂත්වයක්.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
+1
1
+1
+1
+1
+1















