ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා වෙයි (වීඩියෝ)

සෞඛ්‍ය නිර්දේශයන් අනුව ගාල්ල බන්ධනාගාරයේ කටයුතු සීමා කිරීමට පියවර ගෙන තිබෙනවා.

ඒ ගාල්ල බන්ධනාගාරයේ සිටි රන්දවියෙකු මොලේ උණ (meningitis) රෝගය මත මියගිය බව තහවුරු වීම හේතුවෙන්.

ගාල්ල බන්ධනාගාරයට ගෙන එනු ලබන නවක රැඳවියන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරයට යොමු කිරීමටයි බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාගේ නියෝග මත තීරණය කර ඇත්තේ.

එමෙන්ම රැඳවියන්ට අමුත්තන් පෙන්වීමේ කටයුතු සෞඛ්‍ය නිර්දේශයන්ට අනුව සිදුකිරීමට ද කටයුතු යොදා තිබෙනවා.

කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි ගාල්ල බන්ධනාගාරයේ රැඳවියෙකු ජීවිතක්ෂයට පත් වූ අතර මොළේ උණ රෝගයෙන් රැඳවියා මිය යන්නට ඇතැයි සැකකරන බව රෝහල් ප්‍රකාශකයෙක් දසත නිවුස් වෙත සඳහන් කළා.

ගාල්ල – කොට්ටවගම ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදි පුද්ගලයෙක් පසුගිය දෙසැම්බර් 16 වැනිදා බන්ධනාගාරගතව ඇත්තේ මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන්.

දින කිහිපයකට පෙර උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් එම රැඳවියා ප්‍රතිකාර සඳහා බන්ධනාගාර රෝහල වෙත යොමු කර තිබෙනවා.

රෝගියාගේ තත්ත්වය සලකා බැලූ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් විසින් මොහු කරාපිටිය ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ රාත්‍රියේ මෙම රැඳවියා ජීවිතක්ෂයට පත්ව ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතා ප්‍රකාශ කළා.

රැඳවියාගේ මරණයට හේතුව මොළේ උණ රෝගී තත්ත්වය බවට සැකකරන බව රෝහල් ප්‍රකාශකයෙක් පැවසුවා.

පසුගිය දෙසැම්බර් මාසයේදී මෙළේ උණ රෝගය හේතුවෙන් මාතර බන්ධනාගාරයේද රැඳවියන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත් වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වැල්ලවායේ පාළු ඉඩමක තිබී ජීව අත්බෝම්බ දෙකක් සොයාගනි - STF නිලධාරීන් බෝම්බ නිෂ්ක්‍රිය කරයි
00:45
Video thumbnail
භාතිය සහ ආණ්ඩු ප්‍රබලයෙකුත් ප්‍රියංකරට අවසන් ගෞරව දක්වන්න ඇවිත්
00:28
Video thumbnail
කාංචනා, සජිත ඇතුළු කලාකරුවන් රැසක් ප්‍රියංකරට සමුදෙන්න එයි - දිල්හානිගේ කඳුළු පිස දැමූ හිතවතිය
01:52
Video thumbnail
ප්‍රියංකර පෙරේරාට සමුදෙන්න ගිහින් සංවේදී වූ නාමල් - දිල්හානි සමඟ නාමල් දුක බෙදාගත්ත හැටි
00:55
Video thumbnail
වටේටම මත්ද්‍රව්‍ය බෙදුව කිරිබත්ගොඩ කුඩු නෝනා පොලිසියට ‍රැගෙන ආ හැටි
01:37
Video thumbnail
2029 ජනපති කියලා සිහින දකින්න පුළුවන්..සැබෑ කරන්න බෑ - හැමදාම ඔයාලා ඔය නින්දෙම ඉන්න
03:48
Video thumbnail
කන්ජිපානි ගැන පොලිස්පති කිව්ව දේ.."ප්‍රසිද්ධියේ සාකච්ඡා නොකල යුතුයි"
02:30
Video thumbnail
පොලිස්පති, අටමස්ථානාධිපති බැහැ දකියි..පොලිසියට සහ ජනපතිට ප්‍රශංසා - පොලිසියේ පිරිස අඩුයි
13:55
Video thumbnail
පොලිස්පතිගේ ප්‍රධානත්වයෙන් රුවන්වැලි මහා සෑයේ සහ ශ්‍රී මහා බෝධියේ කළ පිංකම්
03:36
Video thumbnail
"හාමුදුරුවෝ එක කෝල් එකයි දුන්නේ ජනපති උදව් කළා"අපේ ආණ්ඩුව කියන්න පුළුවන් ආණ්ඩුවක් මේ
02:47