ගාල්ලේ පාසල් දෙකකින් කොවිඩ් අවදානම මතුවෙයි

ගාල්ල නගරයේ පාසල් දෙකක අධ්‍යාපනය ලබන ළමුන් දෙදෙනෙකුට සහ ඔවුන්ගේ මව්පියන්ට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවක දී අනාවරණය වී තිබේ.

එම ළමුන්ගේ පියා අද (03) උදෑසන ගාල්ල පෞද්ගලික රෝහලක දී රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකට ලක්ව ඇති අතර එහිදී ඔහුට වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබුණි.

මේ හේතුවෙන් බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන ඔහුගේ බිරිඳ ද ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට ලක්කළ පසු ඇය ද ආසාදිතයෙකු බව හඳුනාගැණුනි.

ඒ අනුව ගාල්ල මහින්ද විද්‍යාලයේ හා ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ ඉගෙනුම ලබන ඔවුන්ගේ දරුවන් දෙදෙනා පාසලෙන් රැගෙන ගොස් ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවකට ලක්කිරීමට සෞඛ්‍ය අංශ පියවර ගෙන ඇති අතර ඔවුන් ද ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ.

මේ හේතුවෙන් ගාල්ල සවුත්ලන්ඩ්ස් විද්‍යාලයේ 8වන ශ්‍රේණියේ සිසුවියන් 22 දෙනෙකු හා ගුරුවරුන් 5 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමුකර පාසලේ විෂබීජහරණ කටයුතු සිදුකිරීමට පියවරගත් බව විදුහල්පතිනී සන්ධ්‍යා පතිරණවසම් මහත්මිය පැවසුවාය.

එමෙන්ම ආසාදිත සිසුවාගේ ආශ්‍රිතයින් ලෙස හඳුනාගත් මහින්ද විද්‍යාලයේ 5 ශ්‍රේණියේ සිසුන් 13 දෙනෙකු සහ ගුරුවරුන් සිව්දෙනෙකු නිරෝධායනයට යොමු කිරීමට ද පියවරගෙන තිබුණි.

දරුවන්ගේ මව සේවය කළ බෝපේ පෝද්දල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අංශ දෙකක් තාවකාලිකව වසා දැමීමට ද කටයුතු කරඇති බව වාර්තා විය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?