“ගාල්ලේ නැව ඇවිල්ලා තල්මහ උඩ යන්නේ” – සමාජ මාධ්‍යයේ එල්ල වූ චෝදනාවට නාවික හමුදාව පොලිසි යයි

ගාල්ල – මිරිස්ස මුහුදු ප්‍රදේශයේ දී නාවික හමුදා යාත්‍රාවක් තල්මසකුගේ ශරීරය මතින් ගමන් කළ බවට චෝදනා කරමින් පුද්ගලයෙක් වීඩියෝවක් සමාජ මධ්‍යවෙත පසුගියදා එක්කර තිබුණා.

අසැබි වචන පාවිච්චි කරමින් බැන වදින එම පුද්ගලයා විසින් නාවික හමුදාවට සිදුකරන බරපතළ චෝදනාව පිළිබඳ විමර්ශන කිරීමට ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් ගාල්ල පොලිසියට ඊයේ (04) පැමිණිල්ලක් සිදුකළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කමාන්ඩර් බුද්ධික සම්පත් පැවසුවේ.

තල්මසුන් නැරඹීමට සංචාරකයින් රැගෙන යන ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් මගී යාත්‍රාවක් පසුගිය සෙනසුරාදා (03) මිරිස්ස මුහුදු ප්‍රදේශයේ තල්මසෙකුගේ ශරීරය මතින් ගමන් කළ බවට චෝදනා කර බැන වඳිමින් පුද්ගලයෙක් වීඩියෝවක් සමාජ මාධ්‍ය වෙත එක්කර තිබුණා.

මේ සම්බන්ධයෙන් දසත නිවුස් ශ්‍රී ලංකා නාවික හමුදාවෙන් සිදුකළ විමසීමක දී නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ ඩොල්ෆින් මසුන්, තල්මසුන් පමණක් නොව කැස්බෑවුන් පවා නාවික හමුදාව මගින් මුදාගත් අවස්ථා ඇති බවත්, සමුද්‍ර ජීවීන් සහ සමුද්‍රය ආරක්ෂාවන පරිදි කටයුතු කිරීමට සෑම අවස්ථාවකම වගකීමෙන් යුතුව කටයුතු කරන හමුදාවක් බවයි.

තල්මසකු මතින් යාත්‍රාව ධාවනය කරවූ බවට එම පුද්ගලයා පැවැසුවත්, ඔහු සිටි බෝට්ටුවේ කිසිදු විදෙස් සංචාරකයකුගේ හැසිරීමක වෙනසක් හෝ ප්‍රතිචාරයක් දක්නට නොලැබෙන බවත්, අදාළ චෝදනාව පිළිබඳ විමර්ශනයක් ඉල්ලා පොලිසියේ පැමිණිල්ලක් ගොනු කිරීමට මෙලෙස කටයුතු කළ බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
26
+1
6
+1
23
+1
6
+1
4
+1
3
+1
11
Subscribe
Notify of
4 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?