ග්ලෝකල් ෆෙයා 2023 සමාරම්භක ව්‍යාපෘතිය යාපනයට

ග්ලෝකල් ෆෙයා 2023 සමාරම්භක ව්‍යාපෘතිය ලබන පෙබරවාරි 25 සහ 26 දෙදින යාපනය ඓතිහාසික කොටු පවුරු දොරටුව අභියස දී පැවැත්වෙන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර පවසනවා.

උතුරේ තරුණ තරුණියන් දෙස් විදෙස් රැකියාගත කිරීම මෙන්ම ජනතාව මුහුණ දෙන ගැටලු එක ම වහළක් යට දී විසඳා දීමට කටයුතු කිරීම එහි අපේක්ෂාව බවයි අමාත්‍වරයා අද යාපනයේ දී ප්‍රකාශ කළේ.

ඒ ග්ලෝකල් ෆෙයා 2023 සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමේ මාධ්‍ය හමුවට යාපනයේ දී එක් වෙමින්.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා.

“දකුණේ අත්හදා බැලීමක් විදියට කරපු ග්ලෝකල් ෆෙයා 2022 නියමු ව්‍යාපෘතියෙන් පසු ග්ලෝකල් ෆෙයා 2023 පළමු ව්‍යාපෘතිය යාපනයෙන් ආරම්භ කරනවා. උතුර දකුණ එකට යා වෙන්න ඕනෑ කියන එක අපි හැමෝගෙම පැතුම වුණත් උතුරේ තරුණ තරුණියන්ට ජනතාවට බොහෝ දේ අහිමියි. මම මගේ උපන් ප්‍රදේශය ගැන හිතන්නේ කොයි ආකාරයට ද යාපනය ගැන උතුර ගැන මගේ හැගීමත් ඒකමයි. ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආකල්පයත් ඒකමයි.

ආකල්ප හිතේ විතරක් හෝ වචනවලට පමණක් සීමා කරලා වැඩක් නෑ. ක්‍රියාවෙන් පෙන්නන්න ඕනෑ. උතුරේ තරුණ තරුණියන් රැකියා ගත කිරීමට, ජනතාවගේ ප්‍රශ්න විසඳීමට, අපේ අමාත්‍යංශය හා සම්බන්ධ ගැටලු විසඳීමට, උත්තර ලබා දීමට, අපේ වගකීම සහ යුතුකම ඉටුකිරීමටයි ආවේ.

රටක් විදියට වැටෙන්න පුළුවන් උපරිමයට වැටිලා ඉද්දීත් අපේ නරක ගති ලක්ෂණ ඉවත්කර ගන්න බැරිනම් ඒක ප්‍රශ්නයක්. අපි ව බෙදුවේ දේශපාලනඥයෝ. ඒ දේශපාලනය ඉතිහාසයේ සිට ම අපි ව බෙදන්න පුළුවන් සියලු ම ආකාරවලට බෙදලා, පාලනය කළා. ඔවුන්ගේ අවශ්‍යතා ඉටුකර ගත්තා. උතුරේත් දකුණේත් දෙකේ ම එහෙම වුණා. හැබැයි දැන් ඒකට තිත තියන්න කාලය ඇවිත්. ඒ යුතුකම ඉටුකරන්න තමයි අපි උතුරට ඇවිත් ඉන්නේ.

ග්ලෝකල් ෆෙයා 2023 හරහා දෙස් විදෙස් රැකියා සඳහා රැකියාගත කිරීම, දෙස් විදෙස් රැකියා සඳහා නිවැරදිව යොමු කිරීම, විදේශ රැකියා නියුක්තිකයන් වෙනුවෙන් අපි කරන්නේ මොනවාද කියන එක, ඔවුන්ගේත්, දරුවන්ගේත් ජීවන තත්ත්වය නැංවීම, පුහුණු වැඩසටහන්, කම්කරු ක්ෂේත්‍රෙය් ගැටලු ඇතුළු සියලු කාරණා ඉටුකර ගන්න පැය ගණන් කොළඹට යා යුතු කාලය ඉතිරිකරලා දීලා, උතුරේ ජනතාවට තියෙන අමාත්‍යංශය හා සම්බන්ධ සියලු ම ප්‍රශ්න උතුරේ දී ම විසඳලා අවසන් කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.

තරුණ තරුණියන්ගේ හීන වෙනත් තැනක බොඳවීමට නොදී, වෙනත් අයගේ අවශ්‍යතාවන්ට තාරුණ්‍යය යටකරන්නට නොදී තමන්ගේ ජීවන තත්ත්වය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව වෙනුවෙන් කැපවීමේ අස්වැසිල්ල ලබා දෙන්නට, රටේ මානව සම්පත භාර අමාත්‍යවරයා විදියට, කම්කරු ඇමැතිවරයා විදියට, මානව සම්පත බලගැන්වීම ආරක්ෂා කිරීම වෙනුවෙන් කළ යුතු යුතුකම ඉටුකරන්න උතුර ද දකුණ ද අදාළ නෑ. ඒ නිසා ම පෙබරවාරි මාසේ 25 සහ 26 දෙදින අපි යාපනේ කොටු පවුරු දොරටුව අභියස දී ග්ලෝකල් ෆෙයා 2023 පැවැත්වෙනවා.

Glocalfair.lk වෙබ් අඩවිය සහ මුහුණුපොත හරහා ලියාපදිංචි වීමේ ගූගල් ෆෝරමය යොමු කෙරෙනවා. ඔබට දැන් සිට ම එහි ලියාපදිංචි විය හැකියි. ඒ හරහා ඔබේ ගැටලු ඉදිරිපත් කරන්නට පුළුවන්. ඒ ගැටලු සඳහා නිලධාරීන්ට විසඳුම් සකස් කරගෙන ම එන්න පුළුවන්. විගමණික ශ්‍රමිකයන්ගේ දරුවන් වෙනුවෙන්, ශ්‍රම වාසනා අරමුදල මගින් ප්‍රතිලාභ සලසන්න, ව්‍යවසායකත්වයට උදව් කරන්න ඇතුළු අංශ ගණනාවක් ඔස්සේ අවශ්‍ය කාර්යයන් ඉටුකර ගන්න පුළුවන්. අපේ රටේ මානව සම්පතට අදාළ උතුරේ ජනතාවගේ සියලු ගැටලු එක ම වහලක් යටදී විසඳා ගන්නට පුළුවන්.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34