ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබූ කාන්තා මළ සිරුර ගේන්න ගිය යුද හමුදා නිලධාරියෙක් ජීවිතක්ෂයට (ඡායාරූප)

ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ අභිරහස් ලෙස මිය ගිය කාන්තාවගේ සිරුර රැගෙන ඒමට ගිය යුද හමුදා කෝප්‍රල්වරයෙක් රක්ෂිත තුලදී ජිවිතක්ෂයට පත්වී තිබෙනවා.

මෙම යුද හමුදා කෝප්‍රල්වරයා හදිසියේ ඇති වු රෝගී තත්ත්වයක් හේතුවෙන් රක්ෂිතය තුලදී ජීවිතක්ෂයට පත් වූ බවයි ලිඳුල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා සඳහන් කළේ.

මෙලෙස මියගොස් ඇත්තේ නුවරඑළිය ශ්‍රී ලංකා තුන්වන සිංහ රෙජිමේන්තුවේ රාජකාරි කරමින් සිටි කෝප්‍රල් කේ.එන්.එස්.කේ හේරත් නැමති අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි 36 හැවිරිදි නිලධාරියෙක්.

කඳු මුදුනේ තිබූ කාන්තා මළ සිරුර රැගෙන ඒම සඳහා පොලිස් නිලධාරීන්, යුධ හමුදා නිලධාරීන් මෙන්ම පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රක්ෂිතය තුළට පිවිසෙන අවස්ථාවේ මෙම යුද හමුදා කෝප්‍රල්වරයා පසුපසින් ගමන් කර තිබුණා.

අනතුරුව ඊට පසු පසින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු යුද හමුදා නිලධාරියෙකු රක්ෂිතය තුළ වැටී සිටින බවට කළ දැනුම් දීමක් මතයි හමුදා භට පිරිස් වහාම ක්‍රියාත්මක වී කෝප්‍රල්වරයා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහල වෙත ඇතුලත් කිරීමට කටයුතු කර ඇත්තේ.

රෝහලට ඇතුලත් කරන අවස්ථාවේ මෙම කෝප්‍රල්වරයා ජීවිතක්ෂයට පත් වී තිබූ බව නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ වෛද්‍යවරුන් තහවුරු කළ බව පොලිස් ස්ථානාධිපතිවරයා සඳහන් කළා.

මේ අතර තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ තිබී සොයාගත් හඳුනා නොගත් කාන්තා මළ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කර තිබෙනවා.

නුවරඑළිය මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩ බලන මහෙස්ත්‍රාත් ජේ.අඹගහවත්ත මහතායි අද පස්වරුවේ ලිඳුල පොලිසියට මෙම නියෝගය ලබාදුන්නේ.

ග්‍රේට් වෙස්ටර්න් කඳුවැටියේ කඳවුරු බැඳීම සඳහා ඊයේ පැමිණි පිරිසක් විසින් කන්දේ එක් පසෙක ප්‍රපාතයට ආසන්නයේ කාන්තා මළ සිරුරක් ඇති බවට තලවකැලේ පොලිසිය වෙත කරන ලද දැනුම් දීමක් මත පොලිස් නිලධාරින් විසින් මළ සිරුර සොයාගෙන ලිඳුල පොලිසිය වෙත භාර දී තිබුණා.

මළ සිරුර තිබු ස්ථානයට ගිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය සංජය වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නුවරඑළිය පොලිස් කොට්ඨාශයේ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරින් සහ ලිඳුල පොලිසියේ නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් දරා සිරුර කඳු බැවුමෙන් රැගෙන රක්ෂිතයෙන් පිටතට ගෙන එනු ලැබුවා.

කඳු මුදුනේ තිබූ මළ සිරුර මෙතෙක් හඳුනාගෙන නැහැ.

කිසියම් පිරිසක් සමග හෝ පුද්ගලයෙකු සමග පැමිණි මෙම කාන්තාව ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඒ පිළිබඳ පොලිසියට වාර්තා නොකර ඔවුන් පළා ගොස් ඇති බවටයි සැක කෙරෙන්නේ.

එම පුද්ගලයන් හෝ පුද්ගලයෙකු පිළිබඳ තොරතුරු වෙතොත් ඒ සම්බන්ධයෙන් ලිඳුල පොලිසියට දැනුම් දෙන ලෙසට ජනතාවගෙන් ඉල්ලීමක් කෙරෙනවා.

එමෙන්ම මියගිය කාන්තාවගේ ඥාතින් වෙතොත් ලිඳුල පොලිසිය වෙත පැමිණෙන ලෙසට පොලිසියේ ස්ථානාධිපතිවරයා දැනුම් දෙනවා.

මේ අතර අද සිට අවසරයකින් තොරව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේ කඳවුරු බැඳීමට ඉඩ ලබා නොදෙන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් නන්දන ගලබඩ මහතා විසින් වන සංරක්ෂණ සහ වනජීවී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ග්‍රේට් වෙස්ටර්න් කඳු වැටිය නැරඹීමට හෝ කඳු මුදුනේ කඳවුරු බැඳීමට යාමට නිසි ක්‍රමවේදයක් සකස් කරන බවයි දිස්ත්‍රික් ලේකම්වරයා ප්‍රකාශ කළේ.

1 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බෙරගල පහළ විහාර ගල ගිනිතැබීම සිද්ධියේ වීඩියෝ එළියට ? පේනවද ගි#නි තියන හැටි ?
01:12
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාන්න ගිහින් වැඩ වැරදුණු පොලිසිය
00:56
Video thumbnail
අහිංසකයෙක්ට මාංචු දාලා තියෙන්නේ..මෙන්න පොලිසියේ කෙරුවාව - විලි ලැජ්ජා නැද්ද යකෝ?ආතල් ගන්න එපා
01:12
Video thumbnail
රනිල් ආයේ පාර්ලිමේන්තු යනවද ?යන එක එයාගේ වැඩක්..අපි සහයෝගයෙන් වැඩ
01:10
Video thumbnail
පැහැදිලිවම රටේ ඊළඟ ජනාධිපති සජිත් ප්‍රේමදාස - නාමල් මහන්සිවෙලා විපක්ෂ නායකවත් වෙන්න
02:54
Video thumbnail
අගමැති හරිනිගෙන් සැර කතාවක් - රැගින්වලටනම් අපෙන් කිසි සමාවක් නෑ
02:56
Video thumbnail
මේ ඵාපකර්මයට කවුරුත් හවුල් වෙන්න එපා - ජනමත විචාරණයෙන් ආණ්ඩුවට අන්ත පරාජයක් දෙන්න පුළුවන්
04:02
Video thumbnail
අජිත්ගෙන් ආණ්ඩුවට අභියෝගයක් - පැරදෙනවා කියලා බය හින්දා මේ කියවන්නේ
04:56
Video thumbnail
මල්වෙඩි දාලා නාමල්ව වේදිකාවට ගෙනෙයි
00:57
Video thumbnail
CTB බසයක් ලොරි රථයක වැදී බිහිසුණු අනතුරක්
00:42