ග්‍රාම නිලධාරී වසම් 538ක ඩෙංගු අධි අවදානම් – වැඩිම බලපෑම කොළඹ, ගම්පහ සහ කළුතරට

හෙට (24) දිනයේ සිට දින තුනක් ජාතික ඩෙංගු මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට රජය ඊයේ තීරණය කළා.

මේ අතර දිවයිනේ දිස්ත්‍රික්ක 14කට අයත් ග්‍රාම නිලධාරී වසම් 538ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ප්‍රකාශයට පත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව ඩෙංගු ව්‍යාප්තියෙන් වැඩිම බලපෑමක් ඇත්තේ බස්නාහිර පළාතට එල්ල වී ඇති අතර, එම පළාතේ කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල ග්‍රාම නිලධාරී වසම් බහුතරයක් මීට ඇතුළත්.

කොළඹ දිස්ත්‍රික්කයේ කොළඹ මහා නගර සභා බලප්‍රදේශයේ මහරගම, පිළියන්දල, හෝමාගම, කඩුවෙල, බොරලැස්ගමුව, දෙහිවල, එගොඩඋයන සහ ගෝතටුව වැනි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස රැසක ග්‍රාම නිලධාරී වසම් අධි අවදානම් කලාප බවට හඳුනාගෙන තිබෙනවා.

මීට අමතරව ගම්පහ දිස්ත්‍රික්කයේ අත්තනගල්ල, සීදුව, කැළණිය, රාගම, මිනුවන්ගොඩ, මීගමුව, බියගම, වත්තල, කටාන සහ මහර ඇතුළු ප්‍රදේශ රැසක ග්‍රාම නිලධාරී වසම් ද මෙම අධි අවදානම් කලාප ලැයිස්තුවට ඇතුළත්.

කළුතර දිස්ත්‍රික්කයේ බණ්ඩාරගම, හොරණ, ඉංගිරිය, මතුගම, පානදුර, වස්කඩුව, කළුතර සහ පායගල යන ප්‍රදේශවල ග්‍රාම නිලධාරී වසම් ද මීට ඇතුළත් කර තිබෙනවා.

මීට අමතරව ගාල්ල, හම්බන්තොට, මාතර, මහනුවර, මාතලේ රත්නපුර, කෑගල්ල, කුරුණෑගල , පුත්තලම, බදුල්ල, මඩකලපුව යන දිස්ත්‍රික්කවල පිහිටි ග්‍රාම නිලධාරී වසම් රැසක් ද ඩෙංගු අධි අවදානම් ලැයිස්තුවට ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02