ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සඳහා කැනේඩියානු රජයේ පූර්ණ සහය

මෙරට සහ මාලදිවයිනේ, කැනේඩියානු මහ කොමසාරිස් ඉසබෙල් මාටින් (Mrs. Isabelle Martin) සහ ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල අතර විශේෂ හමුවක් ඊයේ (18) පස්වරුවේ එම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වුණා.

රටේ ආර්ථිකය ස්ථාවර කිරීමට සහ දූෂණයෙන් තොර පාලන සංස්කෘතියක් ඇති කිරීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ගෙන ඇති ප්‍රගතිශීලී පියවර පිළිබඳව මහ කොමසාරිස්වරිය එහිදී සිය ප්‍රශංසාව පළ කළා.

එමෙන්ම දිට්වා සුළි කුණාටුව සහ මැදපෙරදිග යුද වාතාවරණය වැනි අර්බුද හමුවේ වුවද, ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ද ඇයගේ ඇගයීමට ලක්ව තිබෙනවා.

දිළිඳුකම තුරන් කිරීමේ ජාතික වැඩසටහන වන “ප්‍රජා ශක්ති” වැඩසටහන පිළිබඳව අමාත්‍ය උපාලි පන්නිල මෙහිදී මහ කොමසාරිස්වරිය දැනුවත් කළ අතර, ග්‍රාමීය දිළිඳුකම තුරන් කිරීම සහ අඩු ආදායම්ලාභී පවුල් සවිබලගැන්වීමේ ක්‍රියාවලියේදී කැනේඩියානු රජයේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ඇය සඳහන් කළා.

එමෙන්ම වැඩිහිටි පුද්ගලයන් සහ ආබාධ සහිත පුද්ගලයන් වෙනුවෙන් ක්‍රියාත්මක සමාජ ආරක්ෂණ වැඩසටහන් ශක්තිමත් කිරීම කෙරෙහි දෙපාර්ශ්වයේම අවධානය යොමු වූ අතර, ග්‍රාමීය සංවර්ධන හා සමාජ ආරක්ෂණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ද මහ කොමසාරිස්වරිය එකඟතාව පළ කළා.

මෙම අවස්ථාවට ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍යාංශයේ ලේකම් සම්පත් මන්ත්‍රිනායක මහතා, කැනේඩියානු මහ කොමසාරිස් කාර්යාලයේ නියෝජිත පිරිසක් සහ අමාත්‍යාංශ නිලධාරීහු පිරිසක් එක්ව සිටියා.

  1. දෙන්න පුලුවන් ලොකුම සහය අපිට විසා ටික ගහලා දුන්නම් ඇති අවුරුද්දකට 10,000 ක් වත් අපි යැව්වානම් රටම ගොඩ..😀😀



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය
00:49
Video thumbnail
කැමරාවේ සටහන් වූ අදාහා ගත නොහැකි දේ
00:49
Video thumbnail
නාමල් කරුණාරත්න ගැම්මට කිව්ව කතාව - වේගයෙන්ම සංවර්ධනය වන රටවලින් ලංකාව 4වෙනි තැනට ආවනේ
02:24
Video thumbnail
පොහොර ගැන කිසි ප්‍රශ්නයක් තියාගන්න එපා..හිඟයකින් තොරව දෙනවා
02:57
Video thumbnail
ජන බලයෙන් කළ හැකිදේ හෑල්ලුවට ලක් කරන්න එපා - සජිත් සැරවෙයි
13:18
Video thumbnail
නාවික හමුදාව වෙරළට බැහැලා දුන්න ෆුල් සුද්දය - කට්ටිය බැහැලම වැඩ
01:22
Video thumbnail
නිලධාරියෙක් නීතිය උල්ලංඝණය කළත් තනතුර නොබලා දඬුවම් කරනවා - හර්ෂණගෙන් සැර කතාවක්
04:15
Video thumbnail
බන්ධනාගාර තදබදය ගැන හර්ෂණ කට අරියි - බන්ධනාගාරයේ බිත්ති හතර ඇතුළේ තියෙන ප්‍රශ්නයක්ම නෙවෙයි
03:21
Video thumbnail
සීට් බෙල්ට් නීතිය අකුරටම ක්‍රියාත්මක කරන පොලිසිය
01:15
Video thumbnail
සිව් දෙනෙක් දිය රකුසට හ#වූ ඛේදවාචකය
01:17