ග්‍රාම සේවක නෝනාට මහ මඟ දී තග දාලා

රාජකාරි අවසන් කර නිවස බලා ගමන් කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට බැන වැදී ඇයට පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.

නාත්තන්ඩිය – කච්චිරාව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කච්චිරාව ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කරන ග්‍රාම නිලධාරිනිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (15) පස්වරුවේ තමන් රාජකාරි රැස්වීමක් අවසන් වී නිවස බලා යමින් සිටින විට අතර මඟදී හමුවූ අයෙකු තමන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළ බවයි ග්‍රාම නිලධාරිනිය පොලීසියට පවසා ඇත්තේ.

අදාළ පුද්ගලයා කලක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවත්, ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛණයට නැවත ඇතුළත් කිරීම
සඳහා බන්ධනාගාරයෙන් නිදහස් වී සිටින බවට වන ලිපියක් රැගෙන එන ලෙස ඔහුට දැනුම් දී තිබූ බවත් ග්‍රාම නිලධාරිනිය වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා.

කොස්වත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හරිනිගේ වුවමනාවට දරුවන්ගේ අනගාතය විනාශ කරන්න එපා
13:28
Video thumbnail
හබරාදූව ප්‍රා. සභාවේ කුණු ට්‍රැක්ටර්වල සෙල්ලම.."ගන්න බැරි නම් මෙතන දාලා යන්න..අවුලක් නෑ"
00:58
Video thumbnail
"කඩන්න බැරි පොහොට්ටුවේනේ අපි" හිමිනම කිව්ව කතාවට දිලිත්ගේ මූණ ඇඹුල් වෙයි
04:17
Video thumbnail
මුල්ලේරියාවේ ජල නළයක් පිපිරී ආ ජල කදට වාහනයකුත් ය#ට වෙයි.."අම්මටහුඩු වාහනේ ය#ට වෙලා බන්"
04:28
Video thumbnail
Kasthirama | "නව වසරේ දේශපාලනය හා ජනතාව" - කස්තිරම විශේෂ වැඩසටහන
01:37:21
Video thumbnail
"ලෑස්ති වෙයව් රට බේරගන්න මමත් එන්නම් උඹලා එක්ක.."160ම චු# වෙලා පලයව් -අපි ඒක කරනවා
08:31
Video thumbnail
"නව මොඩියුලර් ක්‍රමය, අගමැතිව අමාරුවේ දාන්න පැලවත්තෙන් කරපු කුමන්ත්‍රණයක්..?"
01:27
Video thumbnail
මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි.."පච කියන්න එපා..වැඩ බැරි ටාසන්ලා ඉන්නේමෙයාලා බෝධිසත්වයෝනේ"
11:18
Video thumbnail
මිහින්තලේ හිමිව බැහැදකින්න ගිය නාමල්.."රටේ දරුවන්ව විනාශ කරන්න ආපු මෙවුන් ඔක්කොම එලවන්න ඕනේ.."
06:02
Video thumbnail
පෙළපොත් හරහා ආණ්ඩුව විශාල මූල්‍ය වංචාවක් කරලා..අතපසුවීමක් නෙවෙයි - සැලසුම් සහගත වැඩක්
05:53


?