ග්‍රාම සේවක නෝනාට මහ මඟ දී තග දාලා

රාජකාරි අවසන් කර නිවස බලා ගමන් කරමින් සිටි ග්‍රාම නිලධාරිනියකට බැන වැදී ඇයට පහරදීමට උත්සාහ කළ පුද්ගලයෙක් සම්බන්ධයෙන් විමර්ශන අරඹා ඇති බව කොස්වත්ත පොලීසිය පවසනවා.

නාත්තන්ඩිය – කච්චිරාව ප්‍රදේශයේ දී ඊයේ (15) පස්වරුවේ මෙම සිදුවීම සිදුව ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

මෙම සිද්ධියට මුහුණ දී ඇත්තේ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කච්චිරාව ග්‍රාම නිලධාරී වසම භාරව කටයුතු කරන ග්‍රාම නිලධාරිනිය බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

ඊයේ (15) පස්වරුවේ තමන් රාජකාරි රැස්වීමක් අවසන් වී නිවස බලා යමින් සිටින විට අතර මඟදී හමුවූ අයෙකු තමන්ට බැන වදිමින් පහරදීමට උත්සාහ කළ බවයි ග්‍රාම නිලධාරිනිය පොලීසියට පවසා ඇත්තේ.

අදාළ පුද්ගලයා කලක් බන්ධනාගාර ගතව සිටි අයෙකු බවත්, ඔහුගේ නම ඡන්ද හිමි නාම ලේඛණයට නැවත ඇතුළත් කිරීම
සඳහා බන්ධනාගාරයෙන් නිදහස් වී සිටින බවට වන ලිපියක් රැගෙන එන ලෙස ඔහුට දැනුම් දී තිබූ බවත් ග්‍රාම නිලධාරිනිය වැඩිදුරටත් පොලිසියට පවසා තිබෙනවා.

කොස්වත්ත පොලීසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරන අතර, සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?