ගස් කඩා වැටීමෙන් කොළඹ මාර්ග රැසක් අවහිරයි – රථවාහන තදබදයකුත්

පවතින අධික වැසි තත්ත්වයත් සමඟ හටගත් තද සුළඟින් ගස් කඩා වැටීම හේතුවෙන් කොළඹ මාර්ග රැසක් අවහිර වී ඇති බව වාර්තා වනවා.

හෝර්ට්න් පෙදෙස, විජේරාම මාවත, මෙට්ලන්ඩ් පෙදෙස, නවම් මාවත ඇතුළු කොළඹ ස්ථාන කිහිපයක මෙලෙස ගස් කඩාවැටී ඇති බවයි වාර්තා වන්නේ.

මේ හේතුවෙන් දැඩි රථවාහන තදබදයක් ද හටගෙන තිබෙනවා.

මාර්ග අවහිර කරමින් කඩා වැටී ඇති ගස් ඉවත් කිරීමට කොළඹ ගිනි නිවීමේ දෙපාර්තමේන්තුවේ වාහන යොදවා ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?