අනුරාධපුර, ඔයාමඩුව පොලිස් වසමේ එළියඔයාමඩුව ප්‍රදේශයේ රක්ෂිතයක් තුළ දී ඊයේ (06) රාත්‍රියේදී අටවන ලද බඳින තුවක්කුවක් පත්තුවීමෙන් එම ප්‍රදේශයම පදිංචි තිදරු පියෙක් ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත්තේ නවෝදාගම, ඇලෙයාපත්තුව ප්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 53ක් වයසැති පුද්ගලයෙක්.
අදාළ පුද්ගලයා ඊයේ (06) පස්වරුවේ තම කිරිගවයින් සොයා මෙම රක්ෂිතයට තවත් දෙදෙනෙක් සමග පැමිණ ඇති අතර එම රක්ෂිතය තුළ ගවයින් සොයා යමින් සිටියදී සතුන් දඩයම් කිරීම සදහා අටවා තිබූ බදින තුවක්කුවක් ක්‍රියාත්මකවී ඔහුගේ පාදයට වෙඩි වැදී ඇති බවයි වාර්තා වන්නේ.
එහිදී ඔහු සමග ගිය අනිත් පුද්ගලයින් දෙදෙනා ඔහුව රැගෙන රක්ෂිතයේ සිට පිටතට පැමිණ ඇති අතර රාත්‍රී අටට පමණ මෙම සිදුවීම සිදුව ඈති නිසා රක්ෂිතයේ සිට ආසන්න ගම්මානයකට පැමිණීමට පැය දෙකකට වැඩි කාලයක් ගතව තිබෙනවා.
පසුව 1990 හදිසි ගිලන් රථ ඇමතුමට දැනුම් දී ඇති අතර ගිලන් රථය එහි පැමිනෙණ විටත් තුවාලකරු මියගොස් සිට ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
කෙසේ වෙතත් මෙම මරණය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂනයේ නියෝග පරිදි දේහය පිළිබද පස්චාත් මරණ පරීක්ෂනය සදහා අනුරාධපුර ශික්ෂන රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරනු ලැබුවා.
සිද්ධිය පිළිබද වැඩිදුර විමර්ශන ඔයාමඩුව පොලිසිය මගින් සිදුකරනු ලබනවා.













