spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ගවයින්ට තලමින් උදේ පාන්දරම මහ පාරේ රේස් පැද්ද තිරික්කල් පොලිසියට (වීඩියෝ)

කළුතර – බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ නීති විරෝධී අන්දමින් තිරික්කල රේස් පදිමින් සිටි පුද්ගලයින් පස්දෙනෙකු අද (04) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එහිදී රේස් පැදීම සඳහා භාවිත කළ තිරික්කල පහක් සහ ගවයින් පස්දෙනෙකු ද පොලිස් භාරයට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

මහජනතාවගෙන් ලද පැමිණිලි මත මොරොන්තුඩුව පොලිසිය විසින් අද (04) අලුයම ගෝනදූව ප්‍රදේශයේ දී මෙම පිරිස අත්අඩංගුවට ගත බවයි පොලිසිය සඳහන් කළේ.

කිසිඳු අවසරයක් නොමැතිව මහජනතාවට හිරිහැර වන අන්දමින් ප්‍රධාන මාර්ගය භාවිත කරමින් අනාරක්ෂිත ලෙස මොවුන් තිරික්කල් ධාවන තරග පවත්වා ඇති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.

අත්අඩංගුවට ගත පුද්ගලයින් බණ්ඩාරගම සහ ඒ අවට ප්‍රදේශවල පදිංචි 25 ත් 35 අතර වයසේ පසුවන අය බවයි වාර්තා වන්නේ.

සත්ව හිංසාව, මහජන පීඩාව, මාර්ග නීති කඩකිරීම සහ දණ්ඩනීති සංග්‍රහය යටතේ සැකකරුවන් අද (04) දින පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

https://youtu.be/yyYfUEXqBPc
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
26
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?