ගලේවෙල සිසුවියක් සහ තරුණයෙක් ගෙළ වැළලාගෙන මිය ගිය සිද්ධියේ තොරතුරු රැසක් එළියට (වීඩියෝ)

ගලේවෙල ප්‍රදේශයේ පාළු නිවසක තිබී පාසල් දැරියකගේ සහ තරුණයෙකුගේ සිරුරු දෙකක් පොලිසිය විසින් අද (19) සොයා ගත්තා.

මෙලෙස මියගොස් ඇත්තේ 14 හැවිරිදි පාසල් සිසුවියකගේ වන අතර තරුණයා 20 හැවිරිදි වියේ පසුවන අයෙක් බවයි වාර්තා වුණේ.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර, මීට පෙර අවස්ථාවක දී මොවුන් නිවසින් පැනගොස් ඇති බවට වාර්තා වූ බවයි පොලිසිය සඳහන් කළේ.

ඒ, සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට අනුව ඔවුන් දෙදෙනා සොයාගෙන ඇති අතර, පසුව මොවුන් දෙදෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු අධිකරණයෙන් අදාළ බාලයවයස්කාර පාසල් දැරිය ඇයගේ මවගේ භාරයට පත් කිරීමටයි නියෝග කර ඇත්තේ.

කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා යළිත් නිවසින් පැනගොස් ඇති අතර, එහිදී තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආඳාවල නිවසක ඔවුන් රැඳී සිට ඇති බවයි තොරතුරු වාර්තා වුණේ.

පසුව අදාළ සිසුවියගේ නිවසට ලැබුණු ආරංචියක් මත සොයාබැලීමට ගොස් ඇති අතර, එම අවස්ථාව ඔවුන් දෙදෙනා ගෙළ වැළලාගෙන මියගොස් සිටියදී හමුව තිබෙනවා.

කෙසේ වෙතත් සියදිවි නසා ගැනීමක් ද නැතහොත් ඝාතනයක් ද යන්න පිළිබඳව පොලිසිය වැඩිදුරටත් විමර්ශන පවත්වනවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 20 හැවිරිදි තරුණයාගේ වැඩිමල් සහෝදරයා පළකළ අදහස් පහතින්.

    https://youtu.be/TvSvqQLN7qw
    1. ANGA THRAMATA MOYALA WADUNE NATHI UNAMA WENNE MEHEMA DEWAL THAMAYI. NAMUTH COLOMBO CAMPUS KELLA MARAPU KOLLA MODAYEK NOWEYI, KELLA 14 NAM YALU WENNA ATHTHE 12-13 WITHARA. KOLLATA 17 KIYALA NEWS EKAKA THIBUNA. MEKE 20YI LU. KOHOMA UNATH OKA WITHARAK DENAGENA IMK KONAK NATHI LOKEKA JEEWATH WENA KRAMAYA IGENA NOGENA OKA WENUWENMA GIYAMA WENNE MEKAMA HO MEETA SAMANA DEWAL.HEBAYI MANASIKA PRATHIKARA GANIPU KENEK.



    අපගේ නවතම වීඩියෝ පුවත්
    Video thumbnail
    අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
    04:27
    Video thumbnail
    පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
    05:24
    Video thumbnail
    ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
    01:19
    Video thumbnail
    ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
    15:40
    Video thumbnail
    පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
    05:22
    Video thumbnail
    ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
    04:41
    Video thumbnail
    අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
    07:24
    Video thumbnail
    ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
    14:52
    Video thumbnail
    පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
    00:37
    Video thumbnail
    මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
    01:49