අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගලෙන්බිදුනුවැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ බොහෝ ලෙස සිටින්නේ ගොවිතැන් බත් සිදුකර සිය ජීවිකාව සවි කර ගන්නා පිරිසක් මෙවර ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ජනතාව සිංහල හින්දු නව වසර සඳහා නැකැත් චාරිත්‍ර ඉටුකිරීමේදී ශබ්ද නගා ගැනීමට භාවිතා කරන රතිඤ්ඤා වෙනුවට පැරැන්නන් භාවිතා කළ උණ බම්බු ආධාරයෙන් සාදාගත් උණ වෙඩි ආධාරයෙන් ශබ්දය නිකුත් කර ගන්නා ආකාරය එහි ගිය අපට දැක ගැනීමට හැකි විය
මෙම ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මේ වන විට වෙලදපොලේ රතිඤ්ඤා කරලක මිල රුපියල් පහළොවත් විස්සත් අතර මුදලකට අලෙවි කරන බවයි.මේ වන විට වෙළෙඳපොළ තුළ රතිඤ්ඤා පෙට්ටියක මිල රුපියල් 500 ක් 600ක් වැනි මුදලක් වන බව ද මෙම ප්‍රදේශයේ ජනතාව අපට සඳහන් කරා
ඔවුන් පවසන්නේ මෙම රතිඤ්ඤා වල මිල අධික වීමේ හේතුව නිසා මෙසේ රතිඤ්ඤා වෙනුවට පැරැන්නන් භාවිතා කළ උණ බම්බු ආධාරයෙන් සාදාගත් උණ වෙඩි භාවිතා කර ශබ්දය නගා ගන්නා බවයි.
ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ ජනතාව පවසන්නේ මෙම පැරණි ක්‍රමය ඉතාමත් සාර්ථක ක්‍රමයක් බවයි.



















