AFC Banner
AFC Banner
Empty Ad

ගල්වැව සිරිධම්ම හිමිට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්ව විද්‍යාල භික්ෂු බලමණ්ඩලයේ කැඳවුම්කරු ගල්වැව සිරිධම්ම හිමිට හෙට (14) දින ත්‍රස්ත මර්දන කාර්යාංශයට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළා.

මෙම පැමිණිල්ල අද කැඳවනු ලැබූ අවස්ථාවේදී ත්‍රස්ත මර්දන කාර්යාංශය අධිකරණය හමුවේ කරුණු දක්වමින් ප්‍රකාශ කළේ සැකකාර සිරිධම්ම හිමියන් ගෙන් ප්‍රකාශයක් සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.

එම කරුණු සලකා බැලූ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය සිරිධම්ම හිමියන්ට හෙට දින ත්‍රස්ත මර්දන කාර්යාංශය හමුවට ගොස් ප්‍රකාශයක් ලබාදෙන ලෙස නියෝග කළා.

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රඳවාගෙන සිටි සිරිධම්ම හිමියන් පසුගිය දා අධිකරණය මගින් ඇප මත මුදාහරිනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?