ගල්ගමුව, මී ඔය ප්‍රදේශයේ දී ඊයේ (09) රාත්‍රියේ පාදෙනීය දෙස සිට අනුරාධපුර දෙසට ධාවනය වූ ලොරි රථයක ගැටී වයස අවුරුදු දෙකක පමණ අලි පැටවෙක් එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
තේක්‌ක රක්ෂිතයක් සහිත මෙම ස්ථානය නිරන්තරයෙන් අලි මාරු වෙන ස්ථානයක් බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.
අනතුර සිදුවන අවස්ථාවේ ලොරි රථයේ දෙදෙනෙක් ගමන් කර ඇති නමුත් අනතුරෙන් ඔවුන් දෙදෙනාට හානියක් සිදුව නොමැති බවයි වාර්තා වන්නේ.
අනතුර සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ගල්ගමුව වනජීවී නිලධාරී කාර්යාලයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
4
+1
+1
1




