ගල්කිස්ස අධිකරණයේ නීතිඥවරයෙක්ට පහරදීමක් – පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට

ගල්කිස්ස අධිකරණ සංකීර්ණය තුළ දී පොලිස් නිලධාරියෙක් විසින් නීතිඥවරයෙක්ට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයේ ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අධිකරණ සංකීර්ණය ඉදිරිපිට අදාළ නීතිඥවරයාගේ මෝටර් රථය ගාල් කිරීම සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් මත මෙම පහරදීම සිදු ව ඇති බවට අදාළ නීතිඥයාවරයා විසින් පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව අධිකරණ ආරක්ෂක රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තාවන්නේ.

ප්‍රසිද්ධ නීතිඥය ගුණරත්න වන්නිනායක සමඟ පැමිණි නීතිඥයාවරයෙක්ට අදාළ පහරදීම සිදුකර ඇති අතර එහිදී නීතිඥයාවරයා සහ පොලිස් නිලධාරියා අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගතකර ඇති බවයි පොලිසිය පවසා සිටියේ.

  1. නොපමාව ක්‍රියාත්මකවූ නිතිඥ වරුන්ට උපහාරයක් වේවා!
    වර්තමානයේ පොලිසිය යන්නේ කොහාටදැයි ගැටළු සහගතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දුම්රිය සාමාන්‍යාධිකාරිවරයට එරෙහිව පැමිණිල්ලක් - විශාල මූල්‍ය අලාභයක් කරලා..පාඩුව තෙගුණ වෙනවා
04:51
Video thumbnail
අනුර එදා වමට සිග්නල් දාල දකුණෙත් එහාට ගිහින් - සමාජවාදය ෆේල් - ධනය උපයන්න බෑ
07:23
Video thumbnail
සජබයත් - එජාපයත් එකට එකතු වෙනවා..අපි දකුණටත්, වමටත් නෙවෙයි - JRගේ මැද මාවතේ
05:26
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය
00:27
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසළ උණුසුම්
01:06
Video thumbnail
රිමාන්ඩ් වුණ නාමල් අධිකරණයෙන් එළියට ආ හැටි - අධිකරණය අසළ උණුසුම්
01:53
Video thumbnail
අනුරාධපුරයේ බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජනපති ප්‍රධානත්වයෙන් විවෘත කරයි
01:28
Video thumbnail
මවකගේ මුවින් ජනපති ඉදිරියේ පිටවූ ආදරණීය වදන - "අනේ..මගේ පුතෙක් වගේ..පුතෙක් වගේ"
01:00
Video thumbnail
"මගේ පුතෙක් වගේ ජනාධිපතිතුමා ඔයා" - අනුරපුරේදී ජනපතිට හිමිවූ අපූරු ජනතා ආදරය..
00:39
Video thumbnail
නාමල් බලන්න ආ ප්‍රසන්නව අධිකරණයෙන් පන්නයි - මූණත් අවුල් කරගෙන ගිය හැටි
00:39