Empty Ad
AFC Banner
Empty Ad

ගමේ බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැදගත් – ටිල්වින් සිල්වා

පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවයි ඔහු එහිදී පැවසුවේ.

පළාත් පාලන ආයතනවල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කලාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත්, ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ජනතා සේවයට මුදල් වෙන්කිරීම ආදි ආරම්භ කළ රටට වැඩදායි කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැඳගත් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම පළාත් පාලන මැතිවරණය පසුගිය ආණ්ඩු විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කල්දැමූ ඡන්දයක් බවත් මෙම ඡන්දය නොපැවැත්වීමට කටයුතු කළ කණ්ඩයමක් නිසා ඔවුන්ට සදාචාරාත්මකව ඡන්දයට ඉදිරිපත්වීමට හෝ අයිතියක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?