ගමේ බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැදගත් – ටිල්වින් සිල්වා

පළාත් පාලන ආයතනවල බලය මාලිමාව සතුව තිබීම රටේ අනාගතයට ඉතාම වැදගත් බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසනවා.

ජනතා විමුක්ති පෙරමුණ ප්‍රධාන කාර්යාලයේ දී අද (21) පැවැති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින් ලේකම්වරයා මේ බව සඳහන් කළා.

ආණ්ඩුව එක පැත්තක සහ පළාත් පාලන ආයතන තවත් පැත්තක තිබුණ හොත් ප්‍රතිවිරෝධයක් නිර්මාණ වී අවුලක් ඇති වන බවයි ඔහු එහිදී පැවසුවේ.

පළාත් පාලන ආයතනවල බලය වෙනත් පිරිසකට ගියහොත් ආණ්ඩුවේ වැඩ කලාකප්පල් කිරීමට විරුද්ධවාදීන්ට අවස්ථාව ලැබෙන බවත්, ආණ්ඩු දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම, ජනතා සේවයට මුදල් වෙන්කිරීම ආදි ආරම්භ කළ රටට වැඩදායි කටයුතු සාර්ථකව ඉදිරියට ගෙන යෑමට පළාත් පාලන ආයතනවල බලය ඉතාම වැඳගත් බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

මෙම පළාත් පාලන මැතිවරණය පසුගිය ආණ්ඩු විසින් ප්‍රජාතන්ත්‍ර විරෝධීව කල්දැමූ ඡන්දයක් බවත් මෙම ඡන්දය නොපැවැත්වීමට කටයුතු කළ කණ්ඩයමක් නිසා ඔවුන්ට සදාචාරාත්මකව ඡන්දයට ඉදිරිපත්වීමට හෝ අයිතියක් නොමැති බවත් ඔහු සඳහන් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගම්මන්පිලගේ පොත එළිදැක්වීමට සජිත් ප්‍රේමදාස නෙවෙයි ගියේ - AIවලින් දාලා එතුමව
04:04
Video thumbnail
රැදවුම් භාරයේ සිටින පිල්ලෙයාන් අධිකරණ වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත රැගෙන ආ අයුරු
02:02
Video thumbnail
රාජපක්ෂ නාමය නැතුව විරුද්ධවාදීන්ට දේශපාලනය කරන්න අමාරුයි l Namal Rajapaksa
03:25
Video thumbnail
ගල් අඟුරු වංචාව පිටිපස්සේ රටේ විධායක ජනාධිපති අනුර ඉන්නවා..පික්පොකට් එක ගහලා තියෙන්නේ හොරා කියපු එකා
02:45
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් දැඩි විරෝධයක්
00:38
Video thumbnail
සමුපකාර සභාපතිට සමුපකාර රෝහලේ සේවකයන්ගෙන් හූ කියයි..ඔක්කොම හොරා කෑවා..අන්න හොරා යනවා..හූ..හූ
01:25
Video thumbnail
අද සිට කොළඹ දිස්ත්‍රික්කයේ පැය 24ම ජල කප්පාදුව වෙන්නේ මෙහෙමයි
05:21
Video thumbnail
දවස් 20කට පමණයි ජලය තියෙන්නේ ?..ජලය සීමා කිරීමක් කරන්න වෙනවා
06:10
Video thumbnail
කප්පම් මුදලක් ලබා ගත් පොලිස් පරික්ෂකවරයෙකුට වැඩ වරදියි..තරුණයාගේ පියා සියල්ල හෙළිකරයි
09:38
Video thumbnail
භාණ්ඩාගාරයේ උතුරන්නේ වසන්තගේ සල්ලි නෙවෙයි..ආණ්ඩුව ජනතාවගේ වේදනාව විහිළුවට අරගෙන
05:02