ශ්‍රී ලංකාව මේ වන විට ඉතිහාසේ දැවැන්ත අරබුදයකට මුහුණ දී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්මන්පිල පවසනවා
මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව සඳහන් කළා.
අර්බුදයෙන් ගොඩ ඒමට නම් සමස්ත මිලියන 22කම එක මතයකට එක වැඩසටහනකට පැමිණිය යුතු බවයි ඔහු පවසා සිටියේ.
එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන 225 ජනාධිපති, අගමැති කවුරුන් ද යන්න තෝරාගැනීම සදහා එකට එක්ව එක තීරණයකට ඒමට නොහැකි නම් ජනතාව එක මතයට පැමිණෙන්නේ කෙසේ ද යන්න ඔහු ප්‍රශ්ණ කර සිටිනවා.
ඔහු වැඩිදුරටත් පවසන්නේ ඉදිරිපත් වී ඇති අපේක්ෂකයන් සිව්දෙනා එක්ව සාකච්ඡාකර ජනධිපති සහ අගමැති කවුරුන් ද යන්න සමුතියකට පැමිණිය යුතු බවයි.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1
10




