ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙලක්

අලුත් අවුරුදු උත්සවය සමය වෙනුවෙන් ගම් බිම් බලා යන මගීන්ට අවශ්‍ය ප්‍රවාහන පහසුකම් සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස්කර ඇති බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසනවා.

අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් නිලාන් මිරැන්ඩා පැවසුවේ හෙට (07) සිට 18 වනදා දක්වා ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙල සඳහා බස් රථ 7000ක් යොදවා ඇති බවයි.

විශේෂයෙන් හෙට සිට 18 වනදා දක්වා විශේෂ බස් රථ සේවා ක්‍රියාත්මක වන අතර 15 වනදා දක්වා කොළඹ සිට පිට පළාත්වලට බස් රථ ධාවනය සිදු කෙරෙනු ඇති.

15 වනදා සිට 18 වනදා දක්වා පිට පළාත්වල සිට කොළඹ බලා ගමන්කරන මගීන්ගේ පහසුව සඳහා විශේෂ ප්‍රවාහන වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බවයි ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කළේ.

මෙම වැඩපිළිවෙල යටතේ බස්නාහිර පළාත කේන්ද්‍ර කරගනිමින් ශ්‍රී ලංගම සහ පෞද්ගලික බස් රථ 7000ක් පමණ ධාවනයට එක් කෙරෙන අතර හදිසි අවස්ථාවක ධාවනයේ යෙදවීම වෙනුවෙන් බස් රථ 300ක පමණක පෞද්ගලික බස් රථ ඇණියක් ද සූදානම් කර ඇති බව නිලාන් මිරැන්ඩා ප්‍රකාශ කළා.

ඒ අනුව බැස්ටියන් මාවතේ සිට බස් රථ 3000ක පමණ පෞද්ගලික බස් රථ ප්‍රමාණයක් සහ ලංගම බස් රථ 4000ක පමණ ප්‍රමාණයක් මේ සඳහා එක් වනවා.

මෙම ක්‍රියාවලිය පරීක්ෂා කිරීම සඳහා ජංගම පරීක්ෂකවරු ද යොදවා ඇති අතර මගීන්ගේ ආරක්ෂාව සඳහා ආරක්ෂක අංශවවල සහාය ද ඉල්ලා ඇතැයි ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ප්‍රකාශ කළා.

මේ අතර බස්නාහිර පළාත තුළ පිහිටි වෙළෙඳ කලාපවල සිට සේවක සේවිකාවන්ට සිය ගම්බිම් බලා යාමට විශේෂ බස් රථ සේවයක් යොදවා තිබෙනවා.

අලුත් අවුරුදු කාලසීමාවේ බස් රථවල ජංගම වෙළෙඳාම තහනම් කර ඇතැයි ද ඔහු අනාවරණ කළා.

මේ අතර ගුණසිංහපුර සහ බැස්ටියන් මාවත බස් නැවතුම්පොළ වෙත යාචකයින් ඇතුළුවීම නවතා ඇති අතර විශේෂයෙන් බස් රථවල කාර්යමණ්ඩලයට උපදෙස් ලබා දී ඇත්තේ බස් රථවල ජංගම වෙළෙඳාම සිදු කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?