AFC Banner
Empty Ad
Empty Ad

ගම්පොළ තවත් හද කම්පා කරන ඛේදවාචකයක්

ගෙවත්ත තුළදී සිය බිරියගේ ගෙල කපා ඝාතනය කොට ඇගේ සිරුර ඇදගෙන ගොස් නිවෙස තුළට දමා ඒ අසල සැමියාද පෙට්රල් දමාගෙන ගිනි තබා ගැනීම නිසා දෙදෙනාම පිළිස්සී මියගොස් තිබෙනවා.

සිරුරු දෙකම සම්පූර්ණයෙන් පිළිස්සී තිබියදී ගම්පොළ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොළ වත්තේහේන, අකුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චාල්ර්ස් රණවීර මදනායක නමැති අයකු හා සුගතපාල චාල්ර්ස්ගේ චාන්දනී සිල්වා නමැති දෙදරු මවකි.

ගම්පොළ පොලිසිය පවසන්නේ දිගුකලක සිට පැවැති පවුල් ආරවුලක් උත්සන්න වීම නිසා මෙම සිද්ධිය වී ඇති බවයි.

මෙම සැමියා හා බිරිය එකම වත්තේ නිවාස දෙකක තනිව වාසය කර ඇති අතර කලකට පෙර ගම්පොළ අධිකරණය මඟින් නියම කර ඇති නඩත්තු නඩුවකට අනුව මෙම සැමියා විසින් ඇයට නඩත්තු ලබා දෙමින් සිට ඇති බව පැවසෙනවා.

නමුත් ඇය විසින් මෙම මුදල මදි යැයි පවසා එය වැඩිකර ගැනීමට නැවතත් පොලිසි යෑම නිසා මෙම ආරවුල ඇති වී ඇති අතර සැමියා විසින් ඇය ඝාතනය කරන බවට ලිපියක්ද ලියා තබා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?