ගම්පොළ තවත් හද කම්පා කරන ඛේදවාචකයක්

ගෙවත්ත තුළදී සිය බිරියගේ ගෙල කපා ඝාතනය කොට ඇගේ සිරුර ඇදගෙන ගොස් නිවෙස තුළට දමා ඒ අසල සැමියාද පෙට්රල් දමාගෙන ගිනි තබා ගැනීම නිසා දෙදෙනාම පිළිස්සී මියගොස් තිබෙනවා.

සිරුරු දෙකම සම්පූර්ණයෙන් පිළිස්සී තිබියදී ගම්පොළ පොලිසිය විසින් සොයා ගනු ලැබුවා.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගම්පොළ වත්තේහේන, අකුරුමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි චාල්ර්ස් රණවීර මදනායක නමැති අයකු හා සුගතපාල චාල්ර්ස්ගේ චාන්දනී සිල්වා නමැති දෙදරු මවකි.

ගම්පොළ පොලිසිය පවසන්නේ දිගුකලක සිට පැවැති පවුල් ආරවුලක් උත්සන්න වීම නිසා මෙම සිද්ධිය වී ඇති බවයි.

මෙම සැමියා හා බිරිය එකම වත්තේ නිවාස දෙකක තනිව වාසය කර ඇති අතර කලකට පෙර ගම්පොළ අධිකරණය මඟින් නියම කර ඇති නඩත්තු නඩුවකට අනුව මෙම සැමියා විසින් ඇයට නඩත්තු ලබා දෙමින් සිට ඇති බව පැවසෙනවා.

නමුත් ඇය විසින් මෙම මුදල මදි යැයි පවසා එය වැඩිකර ගැනීමට නැවතත් පොලිසි යෑම නිසා මෙම ආරවුල ඇති වී ඇති අතර සැමියා විසින් ඇය ඝාතනය කරන බවට ලිපියක්ද ලියා තබා මෙම ඝාතනය සිදුකර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
4
+1
3
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.07.01
01:05:26
Video thumbnail
පොඩි මනුස්සයට කරන අපරාධය වෙනුවෙන් පෙනී ඉන්න ආවේ අපි - ආණ්ඩුව ඇවිල්ලා මොනවද කරලා තියෙන්නේ ?
02:40
Video thumbnail
දීලා තියෙන්නේ විලි ලැජ්ජා නැතිවෙන්න - අනුර, හරිනි ජනතාව අන්දලා උදා කරපු පොහොසත් රට
03:27
Video thumbnail
කුපිත වුණ මිනිස්සු පන්දම් අරගෙන මහ පාරට බහියි - මහරගම දෙවනත් කරයි
02:20
Video thumbnail
අළුගොල්ල කන්දේ හටගත් ගින්න විශාල ප්‍රදේශයක් ගිනිබත් කරයි - මෙන්න නවතම දර්ශන
01:19
Video thumbnail
ඔබට මේ ආණ්ඩුව කරන්න බෑ - කරන්න පුළුවන් කෙනෙක්ට දීලා ආණ්ඩුව අයින් වෙලා යන්න
01:28
Video thumbnail
මහින්ද මහත්තයා අල ලීස් කළේ නෑ - ජනපති කෙනෙක් ඕනිද හාල් ලීස් කරලා ගන්න..
01:59
Video thumbnail
මම සජබයෙන් අයින් වුණේ නෑ - ඊට වඩා ලොකු තනතුරකට යනවා..චමල් ආණ්ඩුවට හොඳටම දෙසයි
01:53
Video thumbnail
මේක දැන් පාරට ගේන්න ඕනි කාලය ඇවිල්ලා ඉවරයි - ආණ්ඩුවට අපි පාඩමක් උගන්නනවා
03:38
Video thumbnail
පුළුවන් නම් හිරේ දාපන් අපිව - උඹලගේ ආණ්ඩුව ඉවරයි..සටන මහ පාරට අරගෙන එනවා අපි
02:09