ගමක් බය කරමින්, තරුණයන් දෙදෙනෙකුගේ අත් කැපූ සිද්ධියේ සුළමුළ එළියට

බණ්ඩාරගම – වල්ගම – සුනාමි නිවාස සංකීර්ණය ආසන්නයේදී තරුණයින් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු අද තියුණු ආයුධවලින් පහර දීම හේතුවෙන් එක් තරුණයෙකුගේ දෑත්වලට බරපතල තුවාල සිදුව තිබෙනවා.එමෙන්ම අනෙක් තරුණයාගේ ද එක් අතකට තියුණු ආයුධවලින් පහර දී ඇති බවයි පොලීසිය සඳහන් කළේ. තරුණයින් දෙදෙනා ත්‍රිරෝද රථයක රැදී සිටි අවස්ථාවකදී එම ස්ථානයට පැමිණි පුද්ගලයෙකු විසිනුයි මෙලෙස තියුණු ආයුධවලින් පහර දී ඇත්තේ.

පහරකෑමට ලක්වූ තරුණයින් දෙදෙනා ප්‍රතිකාර සඳහා හොරණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

මත්ද්‍රව්‍ය ජාවාරමක් මුල් කර ගනිමින් මෙම ආරවුල සිදුව ඇති අතර, තරුණයින් දෙදෙනා රැදී සිටි ත්‍රිරෝද රථයේ තිබී තියුණු ආයුධ හමුවී ඇති බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර, කටුගස්තොට ප්‍රදේශයේදී බන්ධනාගාර නිලධාරියෙකුට සහ ඔහුගේ පුත්‍රයාට දැලි පිහියකින් පහර දී බරපතල තුවාල සිදු කළ බව කියන දෙදෙනෙකු පොලිසිය අද අත්අඩංගුවට ගත්තා.

පෞද්ගලික ආරවුලක් මත ඇති වූ බහින් බස් වීමක් දුර දිග යාමෙන් මෙම පහරදීම සිදුව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ බන්ධනාගාර නිලධාරිවරයා සහ ඔහුගේ පුත්‍රයා පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබෙනවා

ප්‍රසිද්ධියේ තරුණයෙකුගේ අත් දෙකම කපා දමයි..ප්‍රදේශයක් උණුසුම් වෙයි



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්ට රු.54000ක් ගෙවීම කිසිසේත් සාධාරණ නෑ - මට මිනිස්සු ග#යි අවුලක් නෑ
07:09
Video thumbnail
රවී - චතුරංග CoPF එකේ ගැටෙයි ? මෙහෙම රටක් ගෙනියන්න බෑනේ - බංකොළොත් වුණේ බදු එකතු කරපු නැති හින්දා
22:50
Video thumbnail
පාඩු ලබන සහ අනවශ්‍ය රජයේ ආයතන වසා දැමීම ගැන හර්ෂ කට අරියි - අනවශ්‍ය ආයතන අයින් කරලා දාන්න
09:00
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත්
00:45
Video thumbnail
බැකෝ සමන්ගේ මවට වෙ# තැබීමට වෙ#ක්කරුවන් පැමිණි හැටි
00:59
Video thumbnail
කල්ඉකුත් වූ ද්‍රව්‍යය භාවිතා කළ දෙහිවල සැලෝන් එකක් වටලයි
01:23
Video thumbnail
කොට කලිසමත් ගහගෙන මහසෙන් ඇතා හමුවූ සජිත් - කොහොමද ගැම්මට පොටෝ ගහන හැටි
01:08
Video thumbnail
මෙයාලගේ ගජ මිතුරෝ රජයට බදු ගෙවලා නෑ - ජන අරගල ව්‍යාපාරය මහ පාරට බැහැලා දෙවනත් කරයි
07:20
Video thumbnail
බැකෝ සමන්ගේ මව එළොව යැවූ වෙ#ල්ල - වෙ#ක්කරුවන් පැමිණි හැටි - CCTV කැමරාවේ සටහන් වූ අයුරු
01:22
Video thumbnail
ජනපති හමුවූ නීතිඥයින්ට අපිලගේ සාදු දෙසයි - ජනපතිගේ ගැටේට නීතිඥ සංගමය අහුවුණා
04:00