ප්‍රසිද්ධියේ තරුණයෙකුගේ අත් දෙකම කපා දමයි..ප්‍රදේශයක් උණුසුම් වෙයි

ත්‍රීරෝද රථයක සිටි පුද්ගලයන් දෙදෙනෙකුට කිසියම් පුද්ගලයෙකු පැමිණ තියුණු ආයුධයකින් ප්‍රහාරයක් එල්ලකර තිබේ.

ඉන් එක් පුද්ගලයෙකුගේ අත් දෙකම වෙන් වන සේ කපා දමා ඇති අතර අනෙක් පුද්ගලයාගේ එක් අතක් කපා දමා ඇත.

බණ්ඩාරගම වල්ගම සුනාමි නිවාස සංකීර්ණයේ නිවසක් ඉදිරිපිට දී මෙම ප්‍රහාරය අද (17) එල්ලවී තිබේ.

දෙඅත්වලට ප්‍රහාරය එල්ල වූ පුද්ගලයා මහමග දිවගොස් ඇද වැටී තිබෙන අතර ඔහුට උදව් කිරීමට කිසිවෙකුත් ළංවී නොමැති බවද වාර්තා වෙයි.

අනෙක් පුද්ගලයා පොලීසියට දිවගොස් තිබුණි.

පසුව බණ්ඩාරගම පොලීසිය සුවසැරිය ගිලන් රථයක් සමග වැටීසිටි පුද්ගලයා වෙත පැමිණ එම ස්ථානයේදීම මූලික ප්‍රතිකාර කිරීමට පියවර ගෙන තිබේ.

පොලීසිය පවසන්නේ ප්‍රහාරය එල්ල කර ඇත්තේ මෑතකදී රිමාන්ඩ් භාරයෙන් නිදහස්වී පැමිණි පුද්ගලයකු බවය.

ඔහු මත්කුඩු ජාවාරම සිදු කරන්නෙකු බවත් පොලීසිය පවසයි.

ප්‍රහාරයට ලක්වූ පුද්ගලයින් ද මත්කුඩු ජාවාරමේ නිරතවන්නන් බවට චෝදනා ලැබූවන් බව පොලීසිය වැඩිදුරටත් පැවසීය.

ඔවුන් රැඳීසිටි ත්‍රීරෝද රථයේද තියුණු ආයුධ තිබුණු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි

https://youtu.be/9Lw_M5PGf_c


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51