AFC Banner
AFC Banner
Empty Ad

ගමක් කැලඹූ වලස් ප්‍රහාර – තුනක් රෝහලට

ගම්මානයකට වලසෙකු කඩා වැදී සිදු කළ පහරදීමකින් එම ගම්මානයේ පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම අද (06) අලුයම පොළොන්නරුව දිස්ත්‍රික්කයට අයත් ඇලහැර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි දියබෙදුම, කෝදුරුවාව ගම්මානයේ දී සිදු ව ඇති බවයි.

ඇලහැර අභය භූමියේ සිට අද අලුයම මෙම වලසා 33 ගම්මානයට කඩා වැදී එහි පදිංචි පුද්ගලයින්ට තිදෙනෙකුට පහරදීමත් සමග ගම් වැසියන් කලබල වී දියබෙදුම වනජීවී කාර්‍යාලය වෙත දැනුම්දී තිබෙනවා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ වනජීවී නිලධාරීන් ගම්මානයට පැමිණ වලසා අල්ලා ගැනීමට පැය කිහිපයක මෙහෙයුමක් දියත් කර ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරුව වලසා ව නිරුපද්‍රිත ව අල්ලා ගැනීමට වනජීවී නිලධාරීන්ට සහ ප්‍රදේශවාසීන්ට හැකි වූ බවත්; ඒ වනවිට වලසා ද තුවාල ලබා තිබූ බවත් පැවසෙනවා.

ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත මෙම වලසා රැගෙන ගොස් තිබෙනවා.

වලස් ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ 67-70 යන වයස් සීමාවල පසුවන්නන්.

ඔවුන්ගේ තත්ත්වය බරපතළ නොවන බවත්; වැඩිදුර ප්‍රතිකාර සඳහා පිරිමි පුද්ගලයෙකු සහ ගැහැනු අයෙක් පොළොන්නරුව රෝහලට මාරු කර යවා ඇති බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
3
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?