ගනේමුල්ල සංජීව ඝාතනයේ ප්‍රධාන සැකකරු ස්ථානීය පරීක්ෂාවකට ගෙන යයි

අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු ස්ථානීය පරීක්ෂාවක් සඳහා කොළඹ අපරාධ කොට්ඨාස නිලධාරීන් සිද්ධිය වූ ස්ථානය වෙත අද (20) රැගෙන ගියා.

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා ගෙන විමර්ශන සිදු කරන බව කොළඹ අපරාධ කොට්ඨාසය අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය වෙත දැනුම්දුන්නා.

වෙඩිතැබීම සිදුකළ වෙඩික්කරු වූ සමීර දිල්ශාන් පියුමංග කඳනාරච්චි හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති පුද්ගලයා මුහුදු මාර්ගයෙන් පලායාමට සැලසුම් කර සිටියදී පුත්තලම පාලවිය ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්ඩංගුවට ගනු ලැබුවා.

පුහුණු කුලී වෙඩික්කරුවෙකු ලෙස අපරාධ රැසකට සම්බන්ධ වූ සමීර දිල්ශාන් හෙවත් කමාන්ඩෝ සමිඳු අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඊයේ (19) රාත්‍රියේ කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයට භාරදෙනු ලැබූ බවයි අධිකරණ වාර්තාකරු පැවසුවේ.

මහරගම – දඹහේන පාරේ ලිපිනයක පදිංචි මෙම සැකකරු පිළිබඳ තවත් තොරතුරු රැසක් අනාවරණ කර ගැනීමට පොලිසිය සමත්ව තිබෙනවා.

සමීර දිල්ෂාන් හෙවත් කොමාන්ඩෝ සමිඳු නමැති මෙම වෙඩික්කරුට ගනේමුල්ලේ සංජීව ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ ඔහුගේ ප්‍රධාන ප්‍රතිවාදියෙකු වන ඩුබායිහි සැඟව සිටින කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් බවටයි පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත්තේ.

ඒ රුපියල් කෝටි එක හමාරක මුදලකටයි.

එම මුදලින් වෙඩික්කරුට මෙතෙක් ලබා දී ඇත්තේ රුපියල් ලක්ෂ දෙකක් පමණක් බව ද විමර්ශනවල දී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ මෙම පුද්ගලයා සහ ඔහුට සහාය දුන් බව පැවසෙන කාන්තාව අධිකරණ භූමිය වෙත පැමිණ ඇත්තේ කොළඹ ප්‍රදේශයේ හෝටලයක සිටයි.

වෙඩිතැබීමෙන් පසු දෙදෙනා මරදාන වෙත ගොස් එතැන් සිට ත්‍රිරෝද රථයකින් මීගමුව බලා ගොස් ඇති අතර මීගමුවේ සිට සැකකරු පමණක් වෑන් රථයකින් පුත්තලම දෙසට පලා ගොස් තිබෙනවා.

එලෙස පලා ගිය සැකකරු පුත්තලම පාලවියේ දී අත්ඩංගුවට පත්වන විට ඔහු පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන්ට ලබා දී ඇත්තේ ව්‍යාජ ලෙස සැකසූ නීතිඥ හැදුනුම්පතයි.

එය පරීක්ෂණ නොමග යැවීමේ අරමුණින් ඉදිරිපත් කරන්නට ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.

සැකකරු පලා යාමට භාවිත කළ වෑන් රථයේ රියැදුරු ද අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු මොරගහහේන ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

ඒ පුද්ගලයා ද කෙසෙල්බද්දර පද්මේ නමැත්තා විසින් මෙහෙයවා ඇති බව පොලිසිය පවසනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?