ගනේමුල්ල සංජීව ඝාතනයට වෙඩික්කරු හට ගිනි අවිය දුන්නේ නීතිඥ වෙස්ගත් කාන්තාවක් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක (වීඩියෝ)

අද (19) පෙරවරුවේ කොළඹ – අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ (අංක 05) සිදු වූ වෙඩි තැබීමෙන් ජීවිතක්ෂයට පත් වූ ප්‍රබල අපරාධ කල්ලි නායක ගනේමුල්ල සංජීව නමැත්තා ව ඝාතනයට වෙඩික්කරු සමග තවත් කාන්තාවක් ද පැමිණ ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පවසනවා.

එම සැකකාර කාන්තාව ද නීතිඥවරියක් ලෙස සැරසී අධිකරණ භූමියට ඇතුල් වී ඇති බවත්, හිස් අතින් ආ වෙඩික්කරු හට ගිනි අවිය අදාළ කාන්තාව විසින් පසුව ලබා දී ඇති බවත් දැනට සිදු කළ විමර්ශනවල දී තහවුරු වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් වන අපරාධයට යොදාගත් ගිනි අවිය නීතිඥවරුන් භාවිතා කරන අපරාධ නඩු විධාන සංග්‍රහය නමැති ප්‍රමාණයෙන් විශාල කෘතියෙහි ඇතුළත් සැක නොසිතෙන ආකාරයට, ඉතාමත් සූක්ෂ්මව පිටු අතර රිවෝල්වරය සැඟවීමට කපා ඊට අදාළ සැඟවීම් සිදු කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළා.

වෙඩික්කරුව කිසිදු පරීක්ෂාවකින් තොරව අධිකරණ භූමියට ගෙන ඇති බවත්, මෙම ඝාතනය සම්බන්ධයෙන් මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් 05කගේ සහභාගීත්වයෙන් පරීක්ෂණ කටයුතු සිදු වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ වනවිට පැවැත්වෙන පොලිස් මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් දැනුම්දුන්නා.

සංජීව කුමාර සමරරත්න නමැති චූදිතයා මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කර විත්ති කූඩුවෙන් බැසීමට උත්සාහ කිරීමේ දී ඔහු ආසන්නයට ආ වෙඩික්කරු විසින් පපු ප්‍රදේශයට අදාළ වෙඩි තැබීම සිදු කර පලා ගොස් තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?