ගනේමුල්ල සංජීවගේ සමීපතමයා ආමි උපුල්ට වෙඩි

රාගම බටුවත්ත ප්‍රදේශයේ ඊයේ (03) රාත්‍රියේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයෙක් මියගොස් තිබෙනවා.

ත්‍රිරෝද රථයකින් පැමිණි දෙදෙනෙකු විසින් පිස්තෝල වර්ගයේ ගිනිඅවියකින් මෙම වෙඩිතැබීම සිදුකර පලා ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී පොලීසිය සඳහන් කර සිටියේ, බටුවත්ත ග්‍රාම සංවර්ධන මාවතේ නිවසක සිටි පුද්ගලයෙකු ඉලක්කර කර මෙම වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක් වූ එම පුද්ගලයා ගණේමුල්ල සංජීවගේ සමීපතමයෙකු ලෙස සැලකෙන ‘ආමි උපුල්’ නමැත්තා බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
2
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?