AFC Banner
AFC Banner
Empty Ad

ගනේමුල්ල සංජීවගේ ගෝලයකුගේ නිවසකින් ලක්ෂ 22කට අධික මුදලක් හමුවෙයි

රැඳවුම් නියෝග මත වීරගුල පොලිස් ස්ථානයේ රඳවා සිටින ගනේමුල්ල සංජීවගේ ප්‍රධාන ගෝලයෙකු වන දැනට විදේශගතව සිට මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවන පැට්ටා මංජු නම් පුද්ගලයාගේ සමීපතමයෙකුගේ නිවසක සඟවා තිබී රුපියල් ලක්ෂ 22කට අධික මුදලක් සොයාගෙන තිබෙනවා.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කළ මෙහෙයුමකදී යි ඉතා සූක්ෂම ලෙස නිවසේ බංකරයක සඟවා තිබූ මෙම මුදල් සොයාගෙන ඇත්තේ.

පරීක්ෂා කරන ලද නිවසේ කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු සිට ඇති අතර කාන්තාවගේ ජංගම දුරකථන පරීක්ෂා කිරීමේදී මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගන්නා මුදල් මොවුන් හරහා සංසරණය වන බවට අනාවරණය වීමෙන් පසුව නිලධාරීන් නිවස වැඩිදුරටත් සෝදිසි කර තිබෙනවා.

අත්අඩංගුවට ගත් කාන්තාව කෙහෙල්බද්දර ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පමණ අයෙක්.

ඔවුන් සම්බන්ධ වී ඇති මත්ද්‍රව්‍ය ජාලය අනාවරණ කර ගැනීම සඳහා මෙම සැකකාර කාන්තාව රැඳවුම් නියෝග මත රඳවාගෙන වැඩිදුර විමර්ශන සිදුකරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?