ගංවතුර නිසා පාකිස්තානයේ මිලියනයක් අවතැන්

පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයට බලපෑ හදිසි ජලගැලීම් හේතුවෙන් පුද්ගලයින් 17ක් දෙනෙක් මියගොස්, ගම්මාන 1,600ක් පමණ ජලයෙන් යටවී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ඉන්දියාවට ඇදහැලෙන ධාරාණිපාත වැසි හේතුවෙන් ඉන්දියාවේ සිට පාකිස්තානය ඔස්සේ ගලාබසින රවී, සුත්ලේජ් සහ චෙනාබ් ගංගාවල මෙලෙස ජල මට්ටම ඉහළ ගොස් ඇති බව වාර්තා වනවා.

ජලගැලීම් හේතුවෙන් මිලියනයක පමණ ජනතාවකට බලපෑම් එල්ල වී ඇති අතර, ආපදාවට පත් ජනතාව මුදාගැනීමට පාකිස්තාන බලධාරීන් දැඩි වෙහෙසක් දරමින් කටයුතු කරන බව සඳහන්.

පාකිස්තාන සමස්ත ජනගහනයෙන් සියයට 50කට ආසන්න පිරිසක් පන්ජාබ් ප්‍රාන්තය තුළ රැඳී සිටින අතර, එරට ප්‍රධාන කෘෂිකාර්මික කලාපය ද පන්ජාබ් ප්‍රාන්තයයි.

ප්‍රධාන කෘෂි නිෂ්පාදන වන තිරිඟු පිටි, සහල් සහ කපු නිපදවනු ලබන මෙම කලාපය තුළ ජලගැලීම් නිසා පාකිස්තාන ආර්ථිකයට දැඩි බලපෑමක් ඇති වනු ඇතැයි සැලකෙනවා.

ගෙවුණු ජුනි මාසයේ සිට මේ දක්වා පාකිස්තානයට බලපෑ ජලගැලීම්වලින් සිදුවූ මරණ ගණන 819කට අධික බව විදෙස් වාර්තාවල සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?