ගංවතුර තත්ත්වය ගැන දෙසතියකින් වාර්තාවක් දෙන්න – සාගලගෙන් උපදෙස්

කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු සොයා බලා සියලු ග්‍රාම නිලධාරී කොට්ඨාස ආවරණය වන පරිදි වාර්තාවක් ලබාදෙන ලෙසට ජ්‍යේෂ්ඨ ජනාධිපති උපදේශක මාණ්ඩලික ප්‍රධානී සාගල රත්නායක උපදෙස් දී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ දිස්ත්‍රික් ලේකම්වරුන් සමග සාකච්ඡාවකට එක්වෙමින් මාණ්ඩලික ප්‍රධානිවරයා මෙම උපදෙස් දුන් බවයි.

ඒ අනුව ගංවතුර ඇතිවීම පිළිබඳ ව වාර්තාව සති දෙකක් තුළ දී ලබාදීමට කටයුතු කරන ලෙසට ද දැනුම්දී තිබෙනවා.

සති දෙකක් තුළ සැකසූ මූලික වාර්තාව ජනාධිපති ලේකම් කාර්‍යාලය වෙත ලබාදෙන ලෙසට දැනුම්දුන් අතර ඊයේ (26) මෙම දැනුම්දීම ජනාධිපති කාර්‍යාලයේ දී සිදු කෙරුණා.

ඒ පසුගිය දිනවල පැවති අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ කොළඹ දිස්ත්‍රික්කය තුළ ගංවතුර තත්ත්වයක් ඇතිවීමට හේතු වූ කරුණු හඳුනාගෙන ඊට විසඳුම් සෙවීම සඳහා රේඛීය ආයතන ප්‍රධානීන් සමග සිදු කළ සාකච්ඡාවේ දීයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10
Video thumbnail
ජනාධිපති සහෝදරයාගෙන් රටටම පොරොන්දුවක්..ඔයාලා අපිව අත්නොහරිනකල් අපිත් ඔයාලව අත්හරින්නේ නෑ
05:44
Video thumbnail
ජනතාව නීතියට බය නෑ කියන්නේ..හරියට නීතිය ක්‍රියාත්මක වෙන්නේ නෑ..OICට ඒක දැනෙන්න ඕනි
06:46
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48


?