ඉන්දියාව ගංවතුරට හසු වූ මොසැම්බික් වෙත ආහාර සහ සහන ආධාර යවා ප්‍රතිචාර දැක් වූ පළමු රට බවට පත්ව තිබෙනවා.
විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශක රන්ධීර් ජයිස්වාල් පැවසුවේ ඉන්දියාව ක්ෂණික ආහාර ආධාර ලෙස සහල් මෙට්‍රික් ටොන් 500 ක්, අත්‍යවශ්‍ය සහන සැපයුම් මෙට්‍රික් ටොන් 10 ක් සහ අනෙකුත් ආධාර යවා ඇති බවයි.
ඉන්දියානු නාවික හමුදා නෞකාවක අත්‍යවශ්‍ය ඖෂධ ටොන් 3 ක් ඇතුලු මෙම ආධාර තොගය යවා තිබෙනවා.
ඊට අමතරව, ජීවිතාරක්ෂක ඖෂධ මෙට්‍රික් ටොන් 86 ක් දැනටමත් මුහුදු මාර්ගයෙන් ලබා දී ඇතැයි ජයිස්වාල් පැවසුවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1













