AFC Banner
AFC Banner
Empty Ad

ගංජා සිද්ධියට ප්‍රසිද්ධ වූ කොස්තාපල්ගේ වැඩ තහනම්

රථ වාහන පරීක්ෂාවේ යෙදී සිටින අතර තුර වාහනය තුළට ගංජා දමා තරුණයන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට උත්සාහ කළ බව කියන පොලිස් නිලධාරියෙකුගේ වැඩ තහනම් කිරීමට කටයුතු කර තිබෙනවා.

මෙලෙස වැඩ තහනම්කර ඇත්තේ කොල්ලුපිටිය පොලිසියට අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයෙකුගේ බවයි වාර්තා වන්නේ.

අදාළ පොලිස් කොස්තාපල්වරයා රථ වාහන පරීක්ෂාවේ නියැලී සිටිය දී මෙලෙස වාහනයක් තුළට ගංජා දමා එම වාහනයේ පැමිණි තරුණයින් පිරිස අත්අඩංගුවට ගැනීමට යාමේ දී එම සිදුවීම අදාළ තරුණයින් විසින් වීඩියෝගත කර සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණා.

ඒ,පිළිබඳව විමර්ශන පැවැත්වීමෙන් අනතුරුවයි අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
9
+1
3
+1
67
+1
0
+1
1
+1
2
+1
6
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?