කෝලි සහ ශර්මාට ගාම්භීර්ගෙන් දැඩි දොස්මුරයක්

ලෝක කුසලාන තරගාවලියේ දී ඉන්දීය කණ්ඩායම එංගලන්තය හමුවේ ඊයේ (10) ලද අවමන් සහගත පරාජයෙන් පසු බොහෝ දෙනෙක් මේ වනවිට ඉන්දීය කණ්ඩායමට සහ ක්‍රීඩකයින්ට විවේචන එල්ල කිරීමට පටන්ගෙන තිබෙනවා.

ඒ, අනුව හිටපු ඉන්දීය පිතිකරු ගෞතම් ගාම්භීර් විසින් ඉන්දීය කණ්ඩායමේ නායක රෝහිත් ශර්මා සහ විරාට් කෝලි දැඩි ලෙස විවේචනයට ලක්කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණා.

මෙහිදී ගාම්භීර්, ICC කුසලාන තුනක් දිනාගැනීමට සමත් වූ එකම ඉන්දීය නායකයාවන එම්.එස්.දෝනිට ප්‍රශංසා මුඛයෙන් කතා කිරීම ද විශේෂත්වයක්.

ගාම්භීර් එහිදී සඳහන් කර ඇත්තේ, “යමෙක් පැමිණ රෝහිත් ෂර්මාට වඩා ද්විත්ව 100 සහ විරාත් කෝලිට වඩා ලකුණු 100ක් ලබා ගනීවි, නමුත් මම හිතන්නේ නැහැ කිසිම ඉන්දීය නායකයෙකුට ICC කුසලාන තුනක් ලබා ගැනීමට හැකි වේ යැයි” යනුවෙන්.

මේ අතර පන්දු යවනනගේ පැවති දුර්වලතා හේතුවෙන් අවසන් පූර්ව තරගය පරාජයට පත්වීමට සිදු වූ බව ඉන්දීය නායක රෝහිත් ශර්මා තරගයෙන් පසු සඳහන් කර සිටියා.

“පිළිමළුන් පිටුදැකීමේ ක්‍රීඩාවලදී පීඩනය හසුරුවා ගැනීම තමයි වැදගත්, මේ ඔක්කොම ඒක තේරුම් ගන්න තරම් මේ හැමෝම ක්‍රීඩා කරලා තියෙනවා. මේ අය IPL තරඟවලදී පීඩනය යටතේ ක්‍රීඩා කරලා තියෙනවා. අපි ආරම්භ කිරීමට කලබල වුණා, නමුත් ඔවුන්ගේ ආරම්භක පිතිකරුවන්ට ගෞරවය ලබාදිය යුතුයි, ඔවුන් ඉතා හොඳින් ක්‍රීඩා කළා” යනුවෙන් රෝහිත් ශර්මා වැඩි දුරටත් අදහස් දක්විමින් ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සජිත්, ආර්ථික විද්‍යාඥ එලේනා පැනරිටිස් හමුවෙයි
02:08
Video thumbnail
දෙයියනේ මේවද මිනිස්සුන්ට කන්න දෙන්නේ
02:18
Video thumbnail
හදිසි වාහන පරීක්ෂාවකින් වාහන 4ක් ධාවනයෙන් ඉවතට
01:22
Video thumbnail
ගංජා මිශ්‍ර මදන මෝදක ගුලි විකිණූ පුද්ගලයෙක් කොටුවෙයි
00:47
Video thumbnail
රියදුරුට නින්ද යාමෙන් සිදු වූ බිහිසුණු අනතුර
01:07
Video thumbnail
තරුණයෙකුට ජීවිතය අහිමි කළ බිහිසුණු අනතුර
00:46
Video thumbnail
සජිත් ආණ්ඩුවට දෙනවා දීමක් ලොවෙත් නැතිවෙන්නම
10:50
Video thumbnail
"මේකා ගො# කියලා අමතක වුණා..මේකා ගො# තමයි"ලාල් කාන්තට ගොවීන් හොඳ පදෙන්ම දෙසයි
07:43
Video thumbnail
දුම්රියේ මිල ගාස්තු සශෝධනයක් කරන්න එපා..බීරි අලින්ට වීණා වාදනය කරනවා වගේනේ මෙයාලට
05:26
Video thumbnail
කංචන ගසා කාපු රු.50 ඉස්සෙල්ලම තෙල් මිලෙන් අඩු කරන්න..දයාසිරිගෙන් සැර කතාවක්
07:50