කෝපා සභාපති ධුරය කබීර් හෂීම්ට

රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ (කෝපා) අභිනව සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් තේරී පත්වී තිබෙනවා.

දසවැනි පාර්ලිමේන්තුවේ පළමු සභාවාරය සඳහා රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළ පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් ගිය මස 06 වැනිදා ඉල්ලා අස්වීමෙන් ඇති වූ පුරප්පාඩු පිරවීමට එම කාරක සභාව අද (12) පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී කබීර් හෂීම් සභාපති ධුරය සඳහා පත් වුණා.

සභාපතිධුරය සඳහා කබීර් හෂීම්ගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජේ.සී. අලවතුවල සහ රෝහිත අබේගුණවර්ධන යන මහත්වරු විසින් පිළිවෙලින් යෝජනා කර ස්ථිර කරන තිබෙනවා.

අනතුරුව කාරක සභාව අමතමින් අභිනව සභාපතිවරයා පවසා සිටියේ දේශපාලන මතවාදවලින් තොරව මධ්‍යස්ථව කටයුතු කරමින්, සියලු සාමාජිකයින්ගේ සහයෝගයෙන් සිය ධුරයේ කටයුතු කිරීමට අපේක්ෂා කරන බවයි.

එමෙන්ම කාරක සභාවේ හිටපු සභාපති අරවින්ද සෙනරත් සිදුකළ කාර්ය භාරය විශේෂයෙන් අගය කළ අතර ඔහු කළ කාර්ය භාරය ඉදිරියටත් වඩාත් හොඳින් සිදු කිරීමට අපේක්ෂා කරන බවද අභිනව සභාපතිවරයා ප්‍රකාශ කළා.

තවද නව සැළසුම් සකස් කොට කෝපා කමිටුවේ කාර්ය භාරය තදුරටත් විධිමත් කරමින් පවත්වාගෙන යාමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමටද සුදානමින් පසුවන බව අභිනව සභාපතිවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් පවස සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පැතුම් ගැන එංගලන්ත නායකයා කිව්ව දේ
00:56
Video thumbnail
දෙවුන්දර වෙ# තැබීමකින් දෙවුන්දර ඩිලයිට් අවසන් ගමන් යයි
01:14
Video thumbnail
කැලෑ නීතිය රජ වෙන්න බෑ..නීතියෙන් හැමෝටම සහය තියෙන්න ඕනි
01:42
Video thumbnail
සිංහ පුතුන් එක්ක පල්ලෙකැලේ සටනට ලෑස්ති වෙන සුදු මහත්වරු
01:53
Video thumbnail
වීල් එකට ගොඩවුණු ලස්සනට සිංහල කතා කරන සුදු අක්කා..ත්‍රීවීල් අයියාගේ තියෙන මනුස්සකම බලන්නකෝ
02:03
Video thumbnail
"ඇතුළේ Security එකෙන් එලවනවා..අපිට දැන් ජොබ් එකත් එපාවෙලා ඉන්නේ"
03:03
Video thumbnail
දඩමස් ජාවාරමක් ජයටම කරගෙන ගිය සැකකරුවන් 2ක් බඩුත් එක්කම කොටුවෙයි
01:52
Video thumbnail
"පණ තියෙනවද?" පුද්ගලයෙක් ළිඳකට වැ# එළොව යයි..දැඩි පරිශ්‍රමයක් දරා ගොඩට ගත් හැටි
02:58
Video thumbnail
අවු : 3ක දියණියකගේ දිවි අහිමි කළ බිහිසුණු රිය අනතුර..
00:50
Video thumbnail
දවසේ වෙ#ල්ල පාලනය කරපු හැටි කියන නි.පොලිස්පති..පාතලයේ දැන් තුවක්කු හිඟයක් තියෙනවා
03:10


?