spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කෝටි 2800ක විෂ සහිත මිරිස් මෙරටට

2022 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මෙරට භාවිතය පවා තහනම් කර තිබෙන උග්‍ර විෂකාරක සහිත රසායනික වර්ග යෙදූ රුපියල් කෝටි 2800ක මිරිස් ආනයනය කර ඇතැයි
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉදිරි වසර දෙක තුළ මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙරට තුළම නිපදවීමට සැලසුම් කර ඇතිබවයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අනුරාධපුර යකල්ල, කැටකාල, තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කර ඇති මිරිස් වගාබිම් නිරීක්ෂණය කළ අවස්ථාවේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කර ඇති ගොවීන් පවසා ඇත්තේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 20ක් සැපයීම‍ට තමන් සූදානම් බවයි.
අක්කරයක මිරිස් වගාකර මාස හයක කාලයක් තුළදී රුපියල් ලක්ෂ 74 ක ආදායමක් උපයාගත හැකි බවද ගොවීහු කියා සිටිති.

මෙරට තුළ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60 කට වඩා තවමත් ආනයනය කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?