කෝටි 2800ක විෂ සහිත මිරිස් මෙරටට

2022 ජනවාරි මාසයේ සිට ජූලි මාසය දක්වා මෙරට භාවිතය පවා තහනම් කර තිබෙන උග්‍ර විෂකාරක සහිත රසායනික වර්ග යෙදූ රුපියල් කෝටි 2800ක මිරිස් ආනයනය කර ඇතැයි
කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරයි.

තවද කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඉදිරි වසර දෙක තුළ මෙරට මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 80 ක් මෙරට තුළම නිපදවීමට සැලසුම් කර ඇතිබවයි.

කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය විසින් අනුරාධපුර යකල්ල, කැටකාල, තඹුත්තේගම ඇතුළු ප්‍රදේශ කිහිපයක වගා කර ඇති මිරිස් වගාබිම් නිරීක්ෂණය කළ අවස්ථාවේදී අනුරාධපුර දිස්ත්‍රික්කයේ මිරිස් වගා කර ඇති ගොවීන් පවසා ඇත්තේ රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 20ක් සැපයීම‍ට තමන් සූදානම් බවයි.
අක්කරයක මිරිස් වගාකර මාස හයක කාලයක් තුළදී රුපියල් ලක්ෂ 74 ක ආදායමක් උපයාගත හැකි බවද ගොවීහු කියා සිටිති.

මෙරට තුළ ඉතාමත් සාර්ථකව මිරිස් වගා කිරීමට හැකියාව පැවතුනද රටේ මිරිස් අවශ්‍යතාවයෙන් සියයට 60 කට වඩා තවමත් ආනයනය කරන බව කෘෂිකර්ම ඇමැතිවරයා කීවේය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගීත අයිතිය ගැන කට ඇරපු රූකාන්ත ගුණතිලක - නිර්මාණකරුවට ඕනි නම් විතරයි මුදලකට සිංදුව දෙන්නේ
12:49
Video thumbnail
අදත් බොහෝ ප්‍රදේශවලට තද වැසි - අයහපත් කාලගුණයේ නවතම තතු මෙන්න
05:19
Video thumbnail
ධාවනය වෙමින් තිබූ යතුරුපැදියකට විශාල ගසක් කඩාවැටී දෙදෙනෙකුට තුවාල
00:43
Video thumbnail
හොරෙන් වැලි ප්‍රවාහනය කළ ටිපර් පසුපස පන්නපු පොලිසිය - කොච්චර කිව්වත් අණ නොතකා යන හැටි
02:25
Video thumbnail
පොලිසියේ තියෙන බලතල ත්‍රිවිධ හමුදාවට ලබාදෙන්න යන්නේ - සජබ රෝහණ හෙළිකරයි
05:51
Video thumbnail
ගාල්ලේ පවතින ආපදා තත්ත්වය පිළිබඳව විශේෂ ප්‍රකාශයක් - අංක එක ජීවිත හානි වළක්වා ගැනීම
03:28
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වැද පුදා ගැනීමට බැතිමතුන් රැසක් පැමිණෙයි
00:44
Video thumbnail
හිටපු ජනපතිවරයෙක් ලසන්තට අසභ්‍ය වචනයෙන් බැනලා - මරණය ගැන දන්න අය කට හෙල්ලුවේ නෑ
13:36
Video thumbnail
පොළොන්නරුවම සලිත කළ රෝහලේ පිපිරීමේ ඔබ නොදුටු දර්ශන - ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංගත් එයි
01:31
Video thumbnail
පිපිරුණු වකුගඩු රෝහල නිරීක්ෂණයට ගිය ටී.බී.සරත් - "පුපුරා යාමෙන් විශාල හානියක් වෙලා"
03:25