කෝටි 21ක කෘතිම මත්ද්‍රව්‍ය සමග 7ක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 21ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ (26) පස්වරුවේ වැටලීම සිදු කර ඇත්තේ.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කර ඇති අතර එහිදී කිලෝ 33ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා.

අනතුරුවයි එම පාර්සල් රැගෙන යාමට පැමිණි පුද්ගලයන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින් පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන “ශබ්ද වාහිනී” පද්ධති අලෙවි කරන වෙළඳ සැළක් තුළ තිබී රුපියල් කෝටි 20ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ 100ක් පමණ අත් අඩංගුවට පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම කෘතිම මත්ද්‍රව්‍ය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල “සාද” පවත්වන අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා යොදා ගන්නා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයන් 3දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයටත් කොළඹින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?