කෝටි 21ක කෘතිම මත්ද්‍රව්‍ය සමග 7ක් අත්අඩංගුවට (ඡායාරූප)

රුපියල් කෝටි 21ක් වටිනා කුඩු වශයෙන් සකස් කළ කෘතිම ගංජා සහ කෘතිම ඇම්පටමයින් මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකකරුවන් 07 දෙනෙකු කටුනායක ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කටුනායක ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය නාශක අංශය ඇතුළු නිලධාරීන් පිරිසක් විසිනුයි ඊයේ (26) පස්වරුවේ වැටලීම සිදු කර ඇත්තේ.

හොංකොං සිට ඩුබායි හරහා කටුනායක ගුවන් තොටුපොළ වෙත ෆිට්ස් එයාර් ගුවන් සේවයේ 8 ඩී. – 822 දරන ගුවන් යානයෙන් ගුවන් භාණ්ඩ තොගයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා තිබුණා.

මෙම ගුවන් භාණ්ඩ තොගය රැගෙන යාමට පුද්ගලයන් තිදෙනකු කටුනායක ගුවන් තොටුපොළ ගුවන් භාණ්ඩ අංශය වෙත පැමිණි අවස්ථාවේ මෙම පාර්සලය ඔවුන් ඉදිරියේ විවෘත කර ඇති අතර එහිදී කිලෝ 33ක් පමණ බර රුපියල් කෝටියක් පමණ වටිනා කෘතිම ගංජා තොගයක් එහි තිබී සොයාගෙන තිබෙනවා.

අනතුරුවයි එම පාර්සල් රැගෙන යාමට පැමිණි පුද්ගලයන් අත් අඩංගුවට ගෙන ඇත්තේ.

ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරු මත මෙම ව්‍යාපාරයේ ප්‍රධානියා විසින් පිටකොටුව ප්‍රදේශයේ පවත්වා ගෙන යන “ශබ්ද වාහිනී” පද්ධති අලෙවි කරන වෙළඳ සැළක් තුළ තිබී රුපියල් කෝටි 20ක් පමණ වටිනා කෘතිම ඇම්පටමයින් කුඩු කිලෝ 100ක් පමණ අත් අඩංගුවට පොලිස් නිලධාරීන් සමත් වී තිබෙනවා.

ඒ සමගම කොළඹ බත්තරමුල්ල ප්‍රදේශයේ සිටි මෙම ව්‍යාපාරයට සම්බන්ධ රුසියානු ජාතිකයෙකු ඇතුළු තවත් තිදෙනකු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබුවා.

මෙම කෘතිම මත්ද්‍රව්‍ය කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල “සාද” පවත්වන අවස්ථාවලදී භාවිතා කිරීම සඳහා යොදා ගන්නා බවටයි තොරතුරු අනාවරණය වී ඇත්තේ.

කටුනායක ගුවන් තොටුපොළේ දී අත් අඩංගුවට ගත් පුද්ගලයන් 3දෙනා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයටත් කොළඹින් අත්අඩංගුවට ගත් පුද්ගලයන් 4දෙනා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයටත් ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගෙන වැඩිදුර විමර්ශන සිදු කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
4
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34