කෝටි 17ක රත්‍රන් සමග ගුවන්තොටුපල සේවකයෙක් අල්ලයි

රුපියල් දාහත්කෝටි හත්ලක්ෂයකට ආසන්න වටිනාකමක් ඇති ටෙන්ටොලාස් (10 TOLAS) වර්ගයේ රන් බිස්කට් 66ක් ගුවන්තොටුපළ පිටවීමේ පර්යන්තයෙන් සූක්ෂ්ම ලෙස පිට කිරීමට උත්සාහ කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අද (30) පස්වරු 04ට පමණ සැකකරු ගුවන්තොටුපළ රේගුවේ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් සිය භාරයට ‌ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු කිරිබත්ගොඩ ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35ක් වන පුද්ගලයෙකු වන අතර ඔහු දැනට වසර 15ක පමණ සිට ශ්‍රී ලංකා කේටරින් ආයතනයෙහි සේවය කළ අයෙකු ද වනවා.

මෙම පුද්ගලයා රන් බිස්කට් පවර්බෑන්ක් එකක ප්‍රමාණයට ඇසුරුම් කර ඇති අතර, එවැනි ඇසුරුම් දෙකක්, කොන්දේ අපහසුතා මගහරවා ගැනීම සඳහා භාවිතයට ගනු ලබන පළදනාවක් තුළ සූක්ෂ්ම ලෙස සඟවා ඉනෙහි පැළඳ එය සිය යට ඇඳුමෙන් ද ආවරණය වන පරිදි සකසාගෙන පැමිණ ඇති බව සඳහන්.

සැකකරු පවසන ආකාරයට ඔහු අතට මෙම රත්‍රං තොගය ලැබී ඇත්තේ අද උදෑසනයි.

ඔහු ඒවා ගුවන්තොටුපළ සිය සේවා ස්ථානයෙහි බඩු භාහිරාදිය තබන කබඩ් එක තුළ සඟවා තබා, අවශ්‍ය ලෙස සූදානම් කර ගත් පසු රාජකාරී නිමා වී යළි ගුවන්තොටුපළින් පිටත් වන අවස්ථාවේ දී පිටවීමේ පර්යන්තයෙන් රැගෙන යාමට කටයුතු කර තිබෙනවා.

මේ පිළිබනදව ගුවන්තොටුපළ මත්ද්‍රව්‍ය පාලන රේගු අංශයට ලැබුණු තොරතුරකට අනුව සිදු කරන ලද පරීක්ෂාවේ දී, සැකකරු භාණ්ඩ සමග හසු වී තිබෙනවා.

ටෙන්ටොලාස් වර්ගයට අයත් මෙම කැරට් 24 රත්‍රං බිස්කට් එකක බර ග්‍රෑම් 116.62ක් වනවා. මෙසේ හසු වූ රත්‍රං බිස්කට් සියල්ලෙහි ම මුළු බර කිලෝ 7යි ග්‍රෑම් 7ක්.

සැකකරු රේගු අංශය තුළ රඳවා ගෙන අවශ්‍ය ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අවශ්‍ය ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවයි රේගු මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
10
+1
1
+1
2
+1
2
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කරවනැල්ල නගරයේ ආයතනයක හදිසියේම ඇතිවූ මහ ගින්න..මෙන්න එහි නවතම දර්ශන
01:05
Video thumbnail
ඉන්ධන රස දන්නේ JVP කාරයෝ තමයි..ඉන්ධන ඉවරවෙන්න අපි කෑවද ඉන්ධන l Asela Sampath
01:24
Video thumbnail
ඉන්ධන සමාගමක් ඩීසල් ලබාදීම සම්පූර්ණයෙන් නතර කරලා ?පොරක් කියලා හිතපු කාංචනගේ කෙරුවාව හෙළිවෙයි
10:53
Video thumbnail
Kasthirama | “ ගෝලීය අර්බුද පෙනෙන මානයක - රටේ දේශපාලනය “තේමාව යටතේ කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:19:06
Video thumbnail
මේ අවස්ථාවට විතරක් පරණ ක්‍රමයට පළාත් පාලන ඡන්දය කරන්න බැරි ඇයි ?..මේක සිල්ලර දෙයක් නෙවෙයි..
06:40
Video thumbnail
මිල වැඩි කරන කූඨ වෙළෙඳුන්ට වැඩ වරදියි..උත්සව සමයේ සහල් ඉල්ලුමට සරිලන සැපයුමක්
04:25
Video thumbnail
වසර 09ක් තිස්සේ ජනතාවට ලැබිය යුතු අයිතිවාසිකම ලැබිලා නෑ..පළාත් සභා ඡන්දය තියන්න
02:29
Video thumbnail
උතුරේ විවේචනයට ලක්වුණ මහින්දත් පළාත් පාලන ඡන්ද පැවැත්තුවා..ඇයි ජනපතිට බැරි?
05:45
Video thumbnail
ශ්‍රී පාද වන්දනාවේ ගිය පිරිසට අත්වූ ඛේදනීය ඉරණම
00:42
Video thumbnail
පොකුණකට වැ# ජීවිතයෙන් සමුගත් පුතුගේ නිවසට ගිය ඇමතිතුමිය සංවේදි වෙයි
02:27