AFC Banner
AFC Banner
Empty Ad

කෝටි හය ඉක්ම වූ කොකේන් හා මරිජුවානා තොගයක් අමෙරිකාවෙන් මෙරටට (ඡායාරූප)

විදේශීය රටක සිට මෙරටට එවන ලද නීතිවිරෝධී මත්ද්‍රව්‍ය තොගයක් රේගු භාරයට ගෙන තිබෙනවා.

මෙම මත්ද්‍රව්‍ය තොගය අමෙරිකාවේ සිට ගුවන් මගින් පාර්සල් සහ තැපැල් ඔස්සේ කොළඹ ට්‍රයිකෝ කැටුව නොඑන මගී භාණ්ඩ නිෂ්කාශන ආයතනය වෙත එවා තිබියදීයි රේගු ආදායම් අධීක්ෂණ අංශයේ නිලධාරීන් විසින් අද දිනයේ දී සිය භාරයට ගනු ලැබුවේ.

මෙලෙස සූක්ෂ්ම ව එවා ඇත්තේ කොකේන් සහ මරිජුවානා නමැති විෂ මත්ද්‍රව්‍ය බවයි වාර්තා වන්නේ.

මේවායේ වෙළෙඳපොළ වටිනාකම රුපියල් හයකෝටි හැටනව ලක්ෂ හතළිස් දහසක් බවටත් ගණන් බලා තිබෙනවා.

රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සීවලී අරුක්ගොඩ පැවසුවේ; මෙම ගුවන් තැපැල් පාර්සලය ගම්පහ ප්‍රදේශයේ කාන්තාවක පදිංචි ලිපිනයකට එවා ඇති බවයි.

මෙම සැක කටයුතු පාර්සලය අද දින කොළඹ ට්‍රයිකෝ ආයතනයේ දී විවෘත කළ අතර එහි තිබී මරිජුවානා කිලෝ ග්‍රෑම් 05 යි ග්‍රෑම් 161 ක් සහ කොකේන් ග්‍රෑම් 511 ක් ආහාර ටින් තුළ සඟවා තිබීයදී සොයා ගැනුණා.

මෙම පාර්සලය භාර ගැනීමට ගම්පහ ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ ලිඛිත අවසරය මත ට්‍රයිකෝ ආයතනය වෙත පැමිණි කොළඹ වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 46 හැවිරිදි පුද්ගලයෙකු සහ මෙම ආයතනය තුළ සේවය කරන සහකාර රේගු අධිකාරීවරයෙකු ද අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වෙත භාර දී තිබෙනවා.

IMG 20231121 WA0047
IMG 20231121 WA0048
IMG 20231121 WA0050
IMG 20231121 WA0051
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
2
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?