කෝටි පහකට වැඩි මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් තරුණියක් ගුවන් තොටේදී අල්ලයි (ඡායාරූප)

රුපියල් පන්කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් තම ගමන් මල්ලේ සඟවා ගෙන කටුනායක ගුවන් තොටුපොළේ හරිත මාවත ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටවීමට උත්සාහ කාලා විදෙස් කාන්තාවක් ඊයේ (16) රාත්‍රියේ රේගු මත්ද්‍රව්‍ය පාළන අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 23 හැවිරිදි ඩෙන්මාර්ක් ජාතික තරුණියක්.

මෙම විදෙස් කාන්තාව කුෂ් මත්ද්‍රව්‍ය තොගය තායිලන්තයේ බැංකොක් නුවරින් රැගෙන ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත පැමිණ ඉන්පසු ඇය ඊයේ රාත්‍රියේ මෙරටට පැමිණ ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඉන්ඩිගෝ ගුවන් සේවයේ 6.ඊ.- 1073 දරණ ගුවන් යානයෙන් ඊයේ (16) රාත්‍රී 07.05ට පමණ ඇය මෙරටට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ඇය විසින් රැගෙන විත් තිබූ ගමන් මල්ලක් තුළ ස්නැක් (Snak) අඩංගු , වායු ඇතුළට කාන්දු නොවන පැකට් 25ක් තුළ මෙම කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 05යි ග්‍රෑම් 700ක ප්‍රමාණයක් සඟවා තිබිය දී සොයාගෙන තිබෙනවා.

අත්අඩංගුවට ගැනුණු විදේශීය තරුණිය සහ ඇය රැගෙන ආ මත්ද්‍රව්‍ය තොගය කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් වෙත භාරදීමටයි කටයුතු කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලෝකෙ ප්‍රශ්න තියෙනකොට දැන් අපිට උණ සන්නිපාතය හැදිලා - ඇයි දැනගෙන බොරු කිව්වේ
11:42
Video thumbnail
කෝලිකුට්ටු උස්සගෙන ආ හෙක්ටර් ආණ්ඩුවට රිදෙන්නම දෙයි
03:38
Video thumbnail
ආණ්ඩුව වහල්ලුන්ට මුදල් දීලා ජනප්‍රිය වෙන්න හදනවා
18:33
Video thumbnail
නැව ගිලුණත් බෑන් චූන් රටේ වහල් මිනිස්සු - චෝදනා ඔප්පු කරන්න - නැත්නම් කටපියන් ඉන්න
41:12
Video thumbnail
තවත් ප්‍රහාරයක් නුදුරු අනාගතයේ වෙනවා ?..ගම්මන්පිල අනතුරු අගවයි
04:00
Video thumbnail
ගාල්ල - තෙලිකඩ කම්පා කළ අපරාධය
01:24
Video thumbnail
මහා සිකුරාදා දවස කිතුනු බැතිමතුන්ට විශේෂ වන්නේ ඇයි ? පියතුමෙක් හෙළිකරයි
03:27
Video thumbnail
ජනපතිගේ ළඟම කෙනෙක් මට තොරතුරු දෙනවා..ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
04:14
Video thumbnail
ත්‍රී රෝද රථයක් පුස්සැල්ලාවේ දී ප්‍රපාතයකට පෙරළී සිදු වූ අනතුර
01:30
Video thumbnail
රට භාරගන්න රනිල් එනවා..? මනෝ මොකද්ද මේ කියන්නේ
06:07