කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවසට පැන්න කබර සුරේශ් අත්අඩංගුවට

බොරැල්ල ප්‍රදේශයේ කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ නිවසක් බිඳ රුපියල් කෝටි එක හමාරක් පමණ වටිනා රන් භාණ්ඩ සහ විදේශීය මුදල් සොරා ගැනීම සම්බන්ධයෙන් කබර සුරේශ් නම් සැකකරු සහ කාන්තාවක් ඇතුළු 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් දෙදෙනා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 6කට ආසන්න ප්‍රමාණයක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් කාන්තාව පිටකොටුවේ බබා නමින් හඳුන්වනු ලබන අයෙක් බවට හෙළිවී තිබෙනවා.

සැකකරුවන් දෙදෙනාගෙන් සහ සැකකාරියගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී සොරා ගෙන තිබූ දේපළවලින් රන් මාල දෙකක්, මුදු දෙකක්, පෙන්ඩන් දෙකක් සහ උණු කරන ලද කැරට් 22 ගෑම් 22ක රන් ගුලියක්, කැරට් 18 ගෑම් 15 රන් ගුලියක්, ස්ටර්ලිං පවුම් 50 මුදල් නෝට්ටු 17ක් මෙන්ම ඩොලර් 100 නෝට්ටු 5ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

පසුගිය 2022 වසරේ දෙසැම්බර් 10 වැනි දින කබර සුරේෂ් නැමැති සැකකරු කෝටිපති ව්‍යාපාරිකයාගේ නිවස බිඳ එම රන් භාණ්ඩ සහ මුදල් පිටකොටුවේ බබා නැමැති කාන්තාවට ලබාදී ඇති බවටයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණ වී ඇත්තේ.

එම සැකකාරිය විසින් රන් භාණ්ඩ රාගම, ඒකල, කැලණිය හා පිටකොටුව යන ප්‍රදේශවල රන් භාණ්ඩ අලෙවිසල්වලට උගස් කර තිබූ බව සඳහන්.

විදේශීය මුදල් තොගය විදේශිකයන්ට මත් කුඩු සපයන ගයිඩ් නැමති පුද්ගලයාට ලබාදී රුපියල්වලට මාරු කරගෙන තිබූ බවට තොරතුරු අනාවරණය වී තිබෙනවා.

මෙම සැකකරුවන් කිරුළපන සහ කොළඹ ප්‍රදේශවල දී අත්අඩංගුවට ගෙන සිදුකරන ලද ප්‍රශ්න කිරීමේ දී ව්‍යාපාරික නිවසින් සොරාගත් දේපළ සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කර ගැනීමට හැකි වූ බවයි වාර්තා වන්නේ.

කිරුළපන ප්‍රදේශයේ පදිංචි කබර සුරේෂ් නැමැත්තා සොරකම් ගණනාවකට වසර දහයක් සිරගතව සිට පසුගිය වසරේ
අගෝස්තු මස 22 දින ඇප මත නිදහස්ව පැමිණි අයෙක්.

සැකකරු කෝටිපති ව්‍යාපාරික නිවස බිද දේපොළ සොරා ගෙන ඇත්තේ දෙසැම්බර් 10 වැනි දින බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී තිබෙනවා.

දෙසැම්බර් 15 වෙනි දින සැකකරු හෙරොයින් සමඟ වත්තලදී පොලිස් අත්අඩංගුවට පත් වුව ද අසත්‍ය නමක් ලබාදීම හේතුවෙන් පෙර වැරදි සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වී නැහැ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් මාලිගාකන්ද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග ලබා ගෙන දීර්ඝ ලෙස ප්‍රශ්න කරන බවයි පොලිසිය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු - බලන්නකෝ මනුස්සයා කරන කැත වැඩේ
02:51