AFC Banner
AFC Banner
Empty Ad

කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනය ගැන පොලිසියෙන් විශේෂ ප්‍රකාශයක්

පැලවත්ත ප්‍රදේශයේ තෙමහල් නිවසක් තුළ අභිරහස් ලෙස මියගොස් සිටිය දී හමු වූ කෝටිපති ව්‍යාපාරිකයා ඝාතනයට ලක්ව ඇත්තේ මොට ආයුධයකින් හිසට සිදුකළ පහරදීමකින් බව මරණ පරීක්ෂණයෙන් හෙළිව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී, නීතිඥ නිහාල් තල්දූව සඳහන් කරනවා.

මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් 27 හැවිරිදි සැකකරු සහ මෙම ව්‍යාපාරිකයා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යාමෙන් පසු මෙම පහරදීම සිදුව ඇති බවයි මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

පහරදීමේදී ව්‍යාපාරිකයා පිහිනුම් තටාකයට වැටී ඇති බව විමර්ශන වලදී අනාවරණය ඇති බවයි අද (06) පස්වරුවේ මාධ්‍වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ.

මෙම කෝටිපති ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ 27 හැවිරිදි සැකකරුවෙක් සහ 21 හැවිරිදි සැකකාරියක් ඊයේ (05) කඳාන ප්‍රදේහයේ දී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?