කෝටිපති බිරිඳගේ දියමන්ති සහ මුතු ඇල්ලූ වළල්ල

දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න, සේවා පෙදෙසේ වැටී තිබූ දියමන්ති සහ මුතු ඇල්ලූ වළල්ලක කොටසක් එහි සේවිකාවක් විසින් ඇහිඳ අයිතිකරු වෙත භාරදීමේ පුවතක් ඊයේ (08වැනිදා) වාර්තා වුණා.

මෙම දියමන්ති සහ මුතු සහිත වළල්ලේ කොටස ලෝක බැංකු උප සභාපතිවරයාගේ බිරිඳට අයත් එකක් යැයි දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න සේවා පියයේ සහකාර ඉංජිනේරු සිදත් බණ්ඩාර ඒකනායක මහතා පුවත්පතකට පවසා තිබෙනවා.

ඉකුත් සෙනසුරාදා (06වැනිදා) මාර්ග 1500ක් ජනතා අයිතියට පත් කිරීමේ අවස්ථාවට සහභාගි වීම සඳහා ලෝක බැංකු උප සභාපතිවරයා සහ ඔහුගේ බිරිඳ දක්‍ෂිණ අධිවේගී මාර්ගය ඔස්සේ ගමන් කර තිබේ.

එහිදී වැලිපැන්න සේවා පෙදෙසට ඇතුළු වී ඇති මොවුන් මඳක් විවේක ගෙන නැවත සිය ගමනාන්තය වෙත ගමන් ආරම්භ කර ඇත. මෙම සිද්ධිය පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ වැලිපැන්න සේවා පියයේ සහකාර ඉංජිනේරු සිදත් බණ්ඩාර ඒකනායක මහතා මෙසේ පැවසීය.

‘‘දක්‍ෂිණ අධිවේගී මාර්ගයේ වැලිපැන්න, සේවා පෙදෙසට අයත් ආයතනයේ සේවිකාවක් විසින් බිම වැටී තිබූ යමක් ඇහිඳලා තියෙනවා. මේ පිළිබඳව වැඩි තැකීමක් නොකර ඇය එය සිය කාර්යාලයේ ලාච්චුවකට දාලා තියලා.

අදාළ කටයුතු අවසන් කර ලෝක බැංකු උප සභාපතිවරයා ඇතුළු පිරිස නැවත කොළඹ බලා ගමන් කිරීමේදී අස්ථානගත වූ දියමන්ති සහ මුතු ඇල්ලූ වළල්ලේ කොටස පිළිබඳව වැලිපැන්න සේවා පෙදෙසේ කාර්යාලයෙන් විමසීමක් කර ඔවුන් කොළඹ බලා පිටත්ව ගිහින් තියෙනවා.

මෙම සිද්ධිය වැලිපැන්න සේවා පෙදෙසේ සේවය කරන අය වෙත සැලවීමෙන් පසු අප කාර්යාලයට පැමිණි සේවිකාවක් විසින් තමන් යම්කිසි දෙයක් ඇහිඳ තම කාර්යාලයේ ලාච්චුවේ තබා ඇති බව පැවසුවා.

ඉන්පසු අප විසින් එය පරීක්‍ෂා කර බැලීමේදී ලෝක බැංකු උප සභාපතිවරයා පැවසූ ආභරණ කොටස බව තහවුරු වුණ අතර අප ඒ පිළිබඳව ඔවුන්ව දැනුවත් කිරීමට කටයුතු කළා.

ඒ අනුව මෙය ලෝක බැංකු උප සභාපතිවරයාගේ බිරිඳට අයත් වළල්ලක කොටස බව ඔවුන් අප වෙත දැන්වීමෙන් අනතුරුව ඊයේ ඔවුන්ගේ නියෝජිත මහත්මයෙක් අප කාර්යාලයට පැමිණ එය භාරගනු ලැබුවා’’ යැයි ඉංජිනේරු සිදත් බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
59
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් ඒකාධිකාරියක් ගොඩනැගිලා තියෙන්නේ..ඉන්ධන බෙදාහැරීම් 50%ක ප්‍රමාණයක් අඩුවෙලා
03:34
Video thumbnail
JNP එක සජිත්ට සැරටම දෙසයි..සජිත් බිංකුණ්ඩෙක් වගේ කෙනෙක්..පියාණෝ ගැන කියෙව්වට වැඩක් නෑ.
06:26
Video thumbnail
හවස 4 වෙනකල් එළියට බහින්න නම් එපා..උණුසුම තවත් ඉහළට
06:16
Video thumbnail
බිස්කට්, අයිස් ක්‍රීම්, චොක්ලට් මිල මැයි මාසය තෙක් වැඩි කරන්නේ නැහැ..අපි ඇදගෙන යනවා..බය වෙන්න එපා
07:04
Video thumbnail
බිමල්ගේ හඬ පටයක් පෙන්නලා කාමන්ත කට උත්තර නැතිවෙන්න කියයි..ගල් අඟුරු දූෂණයට බිමල් අනුබල දුන්නා ?
03:39
Video thumbnail
අධික උණුසුම් කාලගුණික තත්ත්වය නිසා ජනතාව දැඩි පීඩාවට පත් වී ඇති අයුරු
00:26
Video thumbnail
මරික්කාර් හදිසියේම ලයිව් ඇවිත් ආණ්ඩුවට කිව්ව දේ.."හොරකම පිළිගන්න හුරතල් වෙන්නේ නැතුව"
06:23
Video thumbnail
සම්බා, කීරි සම්බා හිඟය ගැන විශේෂ හෙළිදරව්වක්..අපි වැටලීම් අඛණ්ඩවම ක්‍රියාත්මක කරනවා
03:38
Video thumbnail
ආනයනය සඳහා පනවපු සෙස් බද්ද අප්‍රේල් ඉවත් කරනවද ?.. අප්‍රේල් 01, බද්ද 100% ඉවත් කරන්නේ නෑ
05:15
Video thumbnail
භාණ්ඩ සඟවගෙන ඉන්න අයට වැඩ වරදියි..පාරිභෝගික අධිකාරියෙන් විශේෂ වැඩළිවෙලක්
02:56