කෝටා ක්‍රමයට එරෙහිව සිදු කෙරෙන විරෝධතා හේතුවෙන් 05 දෙනෙකු මරුට

රජයේ රැකියා සඳහා කෝටා ක්‍රමයට එරෙහි ව බංග්ලාදේශය පුරා විරෝධතාවයේ නිරත සිසුන් සහ රජයේ තරුණ ආධාරකරුවන් අතර ගැටුම් සහ පොලිසියේ කඳුළු ගෑස් ප්‍රහාර හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් විශාල සංඛ්‍යාවක් තුවාල ලබා ඇති බව පොලිසිය පවසනවා.

සඳුදා ප්‍රධාන මහාමාර්ග සහ දුම්රිය මාර්ග අවහිර කරමින් පැවති විරෝධතා අතරතුර 100කට වැඩි පිරිසක් තුවාල ලැබීමෙන් පසු දස දහස් ගණනක් සිසුන් දෙවන දිනටත් රට පුරා විරෝධතාවලට සම්බන්ධ වුණා.

අගමැතිනි ෂීක් හසීනාගේ ආණ්ඩුවට එරෙහි ව ඇය ජනවාරි මාසයේ දී සිව්වැනි වරටත් අඛණ්ඩ ව ජයග්‍රහණය කිරීමෙන් පසු පැවැත්වෙන දැවැන්තම විරෝධතාව මෙයයි.

ඉහළ තරුණ විරැකියාව මධ්‍යයේ 1971 නිදහස් සටන්කාමීන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා රාජ්‍ය අංශයේ රැකියාවලින් 30% ක කෝටාවක් වෙන් කිරීම ඇතුළු රාජ්‍ය අංශයේ රැකියා කෝටාව සම්බන්ධයෙන් විරෝධතාකරුවන් කෝපයට පත්ව සිටිනවා.

විරෝධතා මැඩපැවැත්වීමේ උත්සාහයක් ලෙස කැරලි මර්දන පොලිසිය රට පුරා විශ්වවිද්‍යාල පරිශ්‍ර තුළට ඇතුළු වී තිබෙනවා.

ස්ථාන කිහිපයක ගැටුම් අඛණ්ඩ ව පවතින බැවින් ආරක්ෂාව තර කිරීම සඳහා දේශසීමා ආරක්ෂක පැරාමිලිටරි බලකාය රට පුරා යෙදවීමට පියවර ගැනුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොල්ලෝ දෙදෙනෙක් විදෙස් කතකට කරපු කැත වැඩේ..CCTV කැමරාවේ සටහන් වෙයි
03:52
Video thumbnail
ඉන්දියානු ජාතිකයින් දෙදෙනාගේ බෑගයට විද්ද සොරදෙටුවා..සියල්ල තෙවෙනි ඇසේ සටහන් වෙයි
01:51
Video thumbnail
මඩකලපුවේ ළිඳකින් මතුවූ අභිරහස..කාන්තා සිරුරක් සහ කෙඳිරිගාමින් සිටි තවත් කතක් එකම ළිඳෙන්
01:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද QR ක්‍රමයට වැල්ලවායේ තෙල් බෙදන හැටි..
02:03
Video thumbnail
ඉස්ලාම් බැතිමතුන් අද නෝම්බි අවුරුදු උත්සවය සමරපු හැටි..Happy Eid Mubarak
01:34
Video thumbnail
"වනචාරි අනුබුදු ගුණ බෙලෙන් යුද ගිණි නිවේවා" මිහින්තලේ හිමි පොසොන් උත්සවයේ තේමාව ගැන කිව්ව දේ
05:52
Video thumbnail
කොල්ලෙකුට මහ පාර මැද පොල්ලකින් ග#පු පොලිසිය.."ග#පු පාරට කොල්ලගේ දත් දෙකකුත් කැ#ලා"
02:45
Video thumbnail
ඉස්සරහට අමාරු කාලේකට මුහුණ දෙන්න වෙනවා
01:22
Video thumbnail
ගාමිණි දිසානායක අද හිටියා නම් මේ ආණ්ඩුවට උපදෙස් දෙනවා
01:44
Video thumbnail
අපි කිව්ව දේවල් ඇහුවා නම් රටට මෙහෙම වෙන්නේ නෑ
05:27