Empty Ad
AFC Banner
Empty Ad

කෝච්චි ප්‍රවේශ පත්‍ර වැඩි මිලට ඔන්ලයින් මාර්ගයෙන් විකිණූ මගපෙන්වන්නාට ඇප

ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව හා ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම එක්ව පවත්වාගෙන යනු ලබන ඔන්ලයින් ආසන වෙන් කිරීමේ ක්‍රියාවලියේදී දුම්රිය ටිකට් පත් දෙකක් රුපියල් 27,000 බැගින් වූ මුදලකට විදේශීය ජාතිකයන් දෙදෙනෙකුට වංචනික ලෙස විකිණීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සංචාරක මග පෙන්වන්නෙක් ඇප මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද (27) නියෝග කළා.

කඩුගන්නාව ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මධුක අෂාන් නමැත්තෙකු එසේ ඇප මත මුදා හැරීමට නියම කෙරුණා.

මහනුවර කොට්ඨාස අපරාධ කාර්යාංශය මගින් අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වෙත භාරදීමෙන් අනතුරුව අද අධිකරණය වෙත ඉදිරිපත් කර කළා.

සිද්ධිය සම්බන්ධ කරුණු දක්වමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර ද තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත් ඔවුන් අද දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවත් ය.

කඩුගන්නාව ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයා මෙම සිද්ධියේ සිව්වන සැකකරුවන බවත් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඔන්ලයින් ටිකට් පත් දෙකක් රුපියල් 27,000 බැගින් විදේශීය ජාතික කාන්තාවන් දෙදෙනෙකුට විකිණීමේ චෝදනාව යටතේ ඔහුව අත්අඩංගුවට ගෙන ඇති බව ද විමර්ශන නිලධාරීහු අධිකරණයට දැනුම්දුන්නා.

කිසියම් පිරිසක් එම දුම්රිය ටිකට් පත් ක්ෂණිකව මිල දී ගෙන ඒවා වෙනත් පුද්ගලයන් වෙත වැඩි මිලකට විකිණීමේ ජාවාරම සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් ඒ අනුව මහනුවර කොට්ඨාස අපරාධ කාර්යාංශය සිව්වන සැකකරුවා අත්අඩංගුවට ගෙන ඇති බව ද පැවසුවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අධිකරණය හමුවේ කියා සිටියේ දුම්රිය දෙපාර්තමේන්තුව මොබිටෙල් ආයතනය සමග එක්ව ඔන්ලයින් මාර්ගයෙන් ටිකට් පත් අලෙවි කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව ඔන්ලයින් මාර්ගයෙන් නිකුත් කරන ටිකට් පත් කෙටි වේලාවක් තුළ කිසියම් පිරිසක් විසින් ක්ෂණිකව ලබාගෙන ඒවා වෙනත් පුද්ගලයන් වෙත වැඩි මිලකට අලෙවි කිරීමට කටයුතු කර ඇති බවට ලද පැමිණිල්ලක් අනුව විමර්ශන සිදු කරන බව ද එම නිලධාරින් අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි වුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හා සැකකාර පුද්ගලයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දැක්වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරුට අධිකරණය එසේ ඇප නියම වුණා.

සැකකාර පුද්ගලයා වෙනුවෙන් නීතිඥ නාලක ජයසිංහ මහතා පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?