කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීමක් නැහැ – ඛනිජ තෙල් පොදු සේවක සංගමය

ඛනිජ තෙල් නිතීගත සංස්ථාවට අයත් කොළොන්නාව නිමාවෙන් ඉන්ධන නිකුත් කිරීම අද (28) දහවල් අත්හිටවූ බව වෘත්තිය සමිති පවසනවා.

ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව අද වැඩවර්ජනයක් ක්‍රියාත්මක කළ අතර ඛනිජ තෙල් පොදු සේවක සංගමය අද පස්වරුවේ ප්‍රකාශ කළේ, මෙම වැඩවර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි.

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පෞද්ගලීකරණය කිරීමට එරෙහිව තමන් මෙම ක්‍රියාමාර්ග ගත් බව ඔවුන් පැවසුවා.

කෙසේ වෙතත් 75% ක් ඉන්ධන සැපයුම සාමාන්‍ය පරිදි සිදුවන බව විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ඉන්දික ඉන්දික අනුරුද්ධ මහතා පැවසුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?