ගෙවල් බිඳුම්, වාහන අමතර කොටස් ගලවා ගැනීම්, පාපැදි, යතුරුපැදි සොරකම් කුඩුවලට ඇබ්බැහි වූවන් විසින් සිදු කිරිම් සීඝ්රයෙන් ඉහළ ගොස් ඇති බව පොලිසිය පවසනවා.
රක්ෂිත බන්ධනාගාර ගතව සිටි කුඩුවලට ඇබ්බැහි වූවන් මෑතදී විශාල වශයෙන් ඇප මත මුදා හැරීමෙන් පසු මෙම තත්ත්වය මතු වී තිබෙන බවයි වාර්තා වන්නේ. කුඩුවලට ඇබ්බැහි වූවන් සොරා ගෙන එන වටිනා භාණ්ඩ රහසිගතව විකුණන ස්ථාන කිහිපයක්ද පොලිසිය විසින් සොයා ගෙන ඇති අතර සොරබඩු ළඟ තබා ගන්නා පුද්ගලයන්ද අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබේ. රක්ෂිත බන්ධනාගාරව සිටි සැකකරුවන් 32, 000කින් දැනට ඉතිරිව ඇත්තේ සැකකරුවන් 18,000ක් පමණක් වන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාර කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීයි.
අද දහවල් යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු කිරිබත්ගොඩ ස්ටීපන්ස් ඉන්ධන හල අසලදී කාන්තාවකගේ මාලයක් කඩාගෙන යන අයුරු CCTV දර්ශන වල සටහන් වී තිබුණේ මෙලෙසයි.
එම CCTV දර්ශණ පහතින්