AFC Banner
Empty Ad
Empty Ad

කොළඹ සහ අවට ප්‍රදේශ රැසකට පැය 09ක ජල කප්පාදුවක්

කොළඹ සහ ඒ අවට ප්‍රදේශ රැසකට අද (21) දිනයේ පෙරවරු 11.00 සිට රාත්‍රී 08.00 දක්වා පැය 09ක කාලයක් ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සඳහන් කරනවා.

ඒ, අනුව කොළඹ, දෙහිවල – ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල යන මහනගර සභා බල ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්හිටුවන අතර, මහරගම, බොරලැස්ගමුව, කොලොන්නාව යන නගර සභා බල ප්‍රදේශවලට ද ජල සැපයුම අත්හිටවනු ඇති.

එමෙන්ම කොටිකාවත්ත, මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බලප්‍රදේශ හා රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටු වන බවයි එම මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ.

විදුලි බල මණ්ඩලය සිදුකරන අත්‍යවශ්‍ය නවීකරණ කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලය දන්වා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?