කොළඹ විරෝධතා ගැන පොලිසියෙන් විශේෂ දැනුම්දීමක්

අද (20) දිනය තුළ කොළඹ නගරය කේන්ද්‍ර කරගනිමින් විරෝධතා කිහිපයක් පවත්වන බවට පොලීසියට තොරතුරු ලැබී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව සඳහන් කරනවා.

ඒ, සඳහා පොලිස් නිලධාරීන් සූදානමින් සිටින බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

එමෙන්ම මහා මඟ ගමන් ගන්නා ජනතාවට හෝ පොදු, පෞද්ගලික දේපළවලට යම් හානියක් හෝ අවහිරයක් සිදුවන්නේ නම් එම විරෝධතා පෙළපාලිවලට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද ඔහු සඳහන් කර සිටියා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව භාෂණයේ හා අදහස් ප්‍රකාශ කිරීමේ නිදහසට පොලීසිය කිසිවිටෙකත් බාධා නොකරන නමුත් යම් පිරිසක් පවතින නීතියට එරෙහිව කටයුතු කරන්නේ නම් ඊට එරෙහිව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40