‘කොළඹ මූල්‍ය නගරයේ’ පළමු ආයෝජකයා දිවයිනට (ඡායාරූප)

‘පෝර්ට් සිටි’ ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී ‘කොළඹ මූල්‍ය නගරය’ ලෙස යළිත් නම් කිරීමෙන් පසු, එහි ආයෝජනය කිරීම සඳහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන් සිව්දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා.

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art (Beijin) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ඇතුළු තවත් සාමාජිකයින් තිදෙනකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පසුගිය දා චීනයේ සිදුකළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් එකඟතා සහ ගිවිසුම් ගතවීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණා.

මොවුන් පළමුව ‘කොළඹ මූල්‍ය නගරයේ’ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මැණික් කෞතුකාගාරයක්, එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබෙනවා.

මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07ක කාලයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබාදීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මේ වනවිට සම්පාදනය කර ඇති බව සඳහන්.

මෙම ආයෝජකයන් පිරිස ඊයේ (02) දින රාත්‍රී 08.30ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු .- 713 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කසීර්, එම මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි..ගමට එපා මෙයාලා..අපිට එපා
01:34