‘කොළඹ මූල්‍ය නගරයේ’ පළමු ආයෝජකයා දිවයිනට (ඡායාරූප)

‘පෝර්ට් සිටි’ ආයෝජන ව්‍යාපෘතිය පසුගිය දා ඩුබායි හි පැවති උත්සවයක දී ‘කොළඹ මූල්‍ය නගරය’ ලෙස යළිත් නම් කිරීමෙන් පසු, එහි ආයෝජනය කිරීම සඳහා ප්‍රථම ආයෝජකයා ලෙස චීන ජාතික සමාගමක ආයෝජකයන් සිව්දෙනෙකු ඊයේ (02) රාත්‍රියේ මෙරටට පැමිණ තිබෙනවා.

චීනයේ අර්ධ රාජ්‍ය සමාගමක් වන CZK Huarui International Culture and Art (Beijin) සමාගමේ සාමාන්‍යාධිකාරී සොෆියා ලී ඇතුළු තවත් සාමාජිකයින් තිදෙනකු මෙලෙස දිවයිනට පැමිණ ඇති බවයි වාර්තා වුණේ.

ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම පසුගිය දා චීනයේ සිදුකළ සංචාරයෙන් පසුව ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය සහ ශ්‍රී ලංකා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශය සමඟ ඇති කර ගත් එකඟතා සහ ගිවිසුම් ගතවීම් මත මෙම ආයෝජකයන් පිරිස පැමිණ තිබුණා.

මොවුන් පළමුව ‘කොළඹ මූල්‍ය නගරයේ’ ඇමෙරිකානු ඩොලර් මිලියන 50ක මුදලක් මැණික් කෞතුකාගාරයක්, එයට අනුබද්ධිත මැණික් පිරික්සුම් රසායනාගාරයක් සහ මැණික් වෙන්දේසි මධ්‍යස්ථානයක් පිහිටුවීමට සැළසුම් කර තිබෙනවා.

මීට අමතරව මොවුන් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජනයක් විද්‍යුත් වාහන එකලස් කිරීමේ කර්මාන්තශාලාවක් ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය යටතේ ස්ථාපිත කිරීම සදහා සැළසුම් කර ඇති බවයි වාර්තා වුණේ.

මෙම සියලු ආයෝජන ව්‍යාපෘති සදහා දින 07ක කාලයක් තුළ අවශ්‍ය අනුමැතිය ලබාදීමට අවශ්‍ය කටයුතු ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය දිලුම් අමුණුගම විසින් මේ වනවිට සම්පාදනය කර ඇති බව සඳහන්.

මෙම ආයෝජකයන් පිරිස ඊයේ (02) දින රාත්‍රී 08.30ට චීනයේ කුංමිං නුවර සිට චයිනා ඊස්ටන් ගුවන් සේවයේ එම්.යු .- 713 දරණ ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිනි බවයි ගුවන්තොටුපොළ අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම පිරිස පිළිගැනීම සදහා ශ්‍රී ලංකා අයෝජන මණ්ඩලයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ මනෝජ් කසීර්, එම මණ්ඩලයේ අධ්‍යක්ෂ රංජිත් ධර්මසිරි ඇතුළු පිරිසක් ද කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
1
+1
5
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දින 23කට පසු උඩරට මැණිකේ බදුල්ලෙන් අඹේවෙල දක්වා ගමන් අරඹයි..අත්දැකීම විඳගන්න සිය ගාණක් අද එකතුවෙලා
02:10
Video thumbnail
මේ කියන්නේ උඹලා බෙහෙත් බීලා මැ#යල්ලා නැත්තම් නොබී මැ#යල්ලා කියලද? විෂ වුණොත්ලු පියවරක් ගන්න වෙන්නේ
05:34
Video thumbnail
සුදු ජාතික කාන්තාවෝ මැද්දෙ සමන්තයි,සංචාරක නි.ඇමතියි පපරේ සද්දෙට දැම්ම සුපිරිම සුපිරි ඩාන්ස් එක
01:35
Video thumbnail
මිහින්තලේ හිමිගෙන් ආණ්ඩුවට සැර අවවාදයක්..විකාර කියවන්නේ නැතුව..රට වැ#ච්ච ප්‍රපාතයෙන් ගොඩ ගන්න
01:21
Video thumbnail
රා ලොරියට,ලංගමයේ ආ මගීන් දෙදෙනෙකු ගැ# එක් අයෙකු එළොව යයි.."තාම හුස්ම තියෙනවා - ඉක්මනට අරන් යමන්"
05:04
Video thumbnail
Kasthirama | වත්මන් දේශපාලන තත්ත්වයේ වි-පාක්ෂික කියවීම - කස්තිරම විශේෂ වැඩසටහන සජිවීව
01:13:05
Video thumbnail
බලතල සිඟමනේ ඉන්දියාවට ගිය පොන්නම්බලන්ගේ කණ්ඩායමට අරුන්ගෙන් සැර කණේ ප#රක්..!
15:07
Video thumbnail
මම රාජකාරිය කරන්නේ..කනට ග#න්න එන්න එපා..මනු කියවන්නාට සත්තම දැමූ ගමේ චණ්ඩියා
04:16
Video thumbnail
රනිල් අයින් වුණොත් සජබ එජාපය එක්ක එකතු වෙනවද?හෘද සාක්ෂියට එකඟව එක අවුරුද්දක් වැඩ කරමු
05:50
Video thumbnail
මුදල් විශුද්ධිකරණයට සම්බන්ධ ආණ්ඩු ප්‍රබලයින් ගැන ප්‍රබල හෙළිදරව්වක්..මේ ලංකාව වට්ටපු අපරාධකාරයෝ
08:43


?